தமிழ்
English
Contact
Saturday 24th October 2020    
විදෙස් මුදල් යොදවා ඉඩම් ගන්න ගිය දෙදෙනෙක් රිමාන්ඩ් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදෙස් මුදල් යොදවා ඉඩම් ගන්න ගිය දෙදෙනෙක් රිමාන්ඩ්



සැක සහිත අන්දමින් රුපියල් බිලියන 2.6 ක මුදලක් යොදවා කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ පිහිටි ආසිරි රෝහලට අයත් ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික යුවළක් ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රේල්වේ ඇවනිව්, නුගේගොඩ පදිංචි රියෙන්සි මහේෂ් එඞ්වඩ් හා පුන්‍යා ප්‍රියංජි මැණිකේ එඞ්වඩ් යන අඹුසැමි යුවළය.

සැක කටයුතු අන්දමින් විදේශ මුදල් මෙරටට ගෙන්වා එකී මුදල් යොදවා කොළඹ ආසිරි රෝහලට අයත් ඉඩම් ඇතුලු දිවයිනේ විවිධ දේපල මිලට ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් කරන ලද පරීක්ෂණයකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.