தமிழ்
English
Contact
Monday 26th October 2020    
විදේශගත ශ්‍රමිකයන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නගන අන්තර්ජාල සම්මන්ත්‍රණයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදේශගත ශ්‍රමිකයන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නගන අන්තර්ජාල සම්මන්ත්‍රණයක්!



කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් විදේශ ශ්‍රමිකයන්ගේ ගැටලුවලට වහා විසඳුම් තබා දෙන ලෙස බල කරමින් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ ගෙන යන අරගලයේ තවත් පියවරක් ලෙස අන්තර්ජාල සම්මන්ත්‍රණයක් සංවිධානයකර ඇත.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ නීතිඥ නුවන් බෝපගේ මෙම සම්මන්ත්‍රණය අමතන්නට නියමිතය.

මේ අන්තර්ජාල සම්මන්ත්‍රණය ජූනි 21 රාත්‍රි 9.00 සිට නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ  Free Women! ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය වේ.

එම ෆේස්බුක් පිටුවට පහත සබඳතාවයෙන් ඒක් විය හැකිය.

www.facebook.com/freewomensl