Posted on 01.06.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විදේශගත ලාංකිකයින් ගෙන්වීමේදී ක්‍රියාත්මක වන ආණ්ඩුවේ හිතවුන්ගේ ව්‍යාපාරික මාෆියාව නිසා ආණ්ඩුවට එල්ලවන චෝදනා වැළැක්වීමට පියවර ගත යුතු බව නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පවසා ඇත.
මේ වනවිට මාස 10ට ආසන්න කාලයක් ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල ඉතා අසරණව තම රැකියාව පවා අහිමිව දුක් විදින කාන්තාවන් ඇතුළු විදේශ ශ්‍රමිකයන් 68,000ක් බවට සංඛ්‍යාලේඛන ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පවසා ඇත. මාස 10ක කාලයක් කිසිදු හව්හරණක් නැතිව, වැටුප් පවා අහිමිව පීඩා විඳින ඔවුන් සමාජජාල වලට වීඩියෝ එක්කරමින් ජනාධිපතිවරයාට මෙන්ම වත්මන් ආණ්ඩුවට තමන් ගෙන්වා නොගැනීම සම්බන්ධ චෝදනා සහ සාපය යොමුකරමින් සිටිති.
මේ වනවිට නිරෝධායන නීති පවා නොතකා යුක්රේන සංචාරකයන් සඳහා දක්වන සැලකිල්ල විදේශගතව මෙරටට ධනය උඵදවා දෙන ලාංකිකයන් වෙනුවෙන් නොමැති බව ඔවුන්ගේ චෝදනාවයි.
මෙසේ අසරණව සිටින ඇතැම් කාන්තාවන් මේ වනවිට මෙරටට පැමිණීමට මුදල් සෙවීම සදහා තම සිරුර ලිංගික ශ්‍රමිකයන් ලෙස භිවාත කරමින් මුදල් උඵයා ගන්නට සිදුව ඇති බවද පවසති.
මෙහිදී සමාජජාලයට වීඩියෝවක් එක්කරමින් එක්තරා කාන්තාවක් මේ ආකාරයට සිය අප්‍රසාදය හා කෝපය ජනාධිපතිවරයාට එල්ලකර තිබිණි.
“ජනාධිපතිතුමනි දැන් සතුටුයිද ඔයාලට.. මාස 09ක් තිස්සේ වැහිලා තිබ්බ එයාපෝට් එක රටේ ජාතියට ඇරියේ නැති ඔබතුමා කොහෙවත් නැති විදේශිකයින්ට රට ඇරලා පාවඩ දාලා නැටුම් නටලා ගෙන්න ගත්තා නේද..? විදේශිකයින්ට රට ඇරියා..ලාංකිකයින්ට රට වැහුවා.. ලැජ්ජයි ජනාධිපතිතුමෝ .. ලැජ්ජානැති වැඩ කරන්න එපා.. මේවා පව් සිද්ධවෙන වැඩ..”