தமிழ்
English
Contact
Friday 29th May 2020    
විදේශ ඇමතිකම භාරගන්නත් පෙර දිනේශ්ට සුදුවෑන් තොප්පියක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදේශ ඇමතිකම භාරගන්නත් පෙර දිනේශ්ට සුදුවෑන් තොප්පියක්!



ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් කිසියම් කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් තානාපති කාර්යාල තොරතුරු අනාවරණය කරගැනීමට ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් ඊයේ(27) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වූ අතර එහිදි දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. ඇමතිවරයා පවසා ඇත්තේ තමන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂනයක් ආරම්භ කරන ලෙස නිලධාරින්ට දැනුම්දී ඇති බවය. අදාළ පරීක්ෂණ පක්ෂග්‍රාහිත්වයකින් තොරව සහ කාර්යක්ෂමව සිදුවනු ඇතැයි අපේක්ෂාකරන බවත් ඒ සඳහා තානාපති කාර්යාලයේ අවශ්‍ය ඕනෑම ආකාරයේ සහයෝගයක් ලබා දෙන බවත් ද ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත දන්වා ඇත. අමාථ්ත්‍ය පදවිය භාරගැනීමෙන් පසුව පළමු දිනයේම එසේ අපහසුතාවට පත්වූ ඇමතිවරයා තානාපතිවරයාට ප්‍රතිචාර දක්වමින් මෙම සිදුවීම තමන් ඇමතිධූරය භාරගන්නටත් පෙර සිදුවී ඇති බවත් කෙසේවෙතත් මෙය රාජයතාන්ත්‍රික වශයෙන් ගැටලුවක් ඇති නොවනු පිණිස සිය පළමු රාජකාරියක් ලෙස විසඳන්නට මැදිහත්වන බවටත් පොරොන්දු වී තිබේ.

කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් පසුව දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාට සුබපැතීම සඳහා පැමිණි තානාපතිවරයාට මෙවැනි පැමිනිල්ලක් කිරීමට සිදුවී තිබීම රාජ්‍යතාන්ත්‍රික අංශවල කතාබහට ලක්ව ඇත. මෙම පැහැරගැනීම රාජ්‍යතාන්ත්‍රික කටයුතු අභියෝගයට ලක් කිරීමක් බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් කළ යුතු බවට වෙනත් රටවල තානාපති කාර්යාල විසින් මේ වනවිටත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ රා්‍යතාන්ත්‍රික අංහයට නිලවශයෙන් දැනුම්දීම් සිදුකර ඇති බව ආරංචිමාර්ග හෙළිකරයි.