தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
විදේශ ණය ඩොලර් කෝටි 100ක් ගෙව්වා - බැසිල් රාජපක්ෂ කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදේශ ණය ඩොලර් කෝටි 100ක් ගෙව්වා – බැසිල් රාජපක්ෂ කියයි



විදේශ ණය හා පොලී වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ඊයේ (26) ගෙවූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

මේ වන විට රට තුළ දරුණු ආර්ථික අර්බුදයක් තිබුණද විදේශ ණය ගෙවීම් ආදිය ප්‍රමාද නොකරන බව ඇමතිවරයා එහිදී සඳහන් කර ඇත.
මුදල් ඇමතිවරයා විසින් ඇමති මණ්ඩලයට ඉදිරි වසරේ අයවැය සකස් කිරීමට අදාළ යෝජනාවක් ද ඉදිරිපත්කර ඇත. කෙසේවෙතත් මේ වන විට විවිධ ක්ෂේත්‍රවලින් පැන නැගී ඇති වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් මෙම අයවැය යෝජනාවලදී සලකා බලා ඇතිද යන්න ප්‍රකාශකර නොමැත.

විශේෂයෙන් ගුරුවරු හා විදුහල්පතිවරු වෙනුවෙන් විසඳුම් ලෙස කිසිවක් ඇමති මණ්ඩලය තුළ ඉදිරිපත්කර නැති අතර වසර 24ක් පැරණි වැටුප් ගැටලුව විසඳීම සඳහාද අයවැය තෙක් සිටින ලෙස දැනුම් දෙන්නට ඇමති මණ්ඩලය තීරණයකර ඇත.