தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
විදේශ රැකියා නියාමනයට නව පනතක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදේශ රැකියා නියාමනයට නව පනතක්



විදේශ රැකියා නියාමනයට සහ ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් වී ඇති මිනිස් ජාවාරම නැවත්වීම සඳහා නව පනතක් හඳුන්වා දීමට නියමිත බව විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා තිබේ.

ඊයේ මාධ්‍යට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මේ පිලිබඳ සොයාබැලීමට පත්කළ කැබිනට් උප කමිටුවක නිර්දේශ මත මෙම පනත සකස් වෙන බවයි.

එසේම නව පනත පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය කිරීමකින් තොරව නිර්මාණය වීමට නියමිතයි.

වයස් සීමාව සම්පූර්ණ නොකරන ළද ස්ත්‍රීන් විශාල ප්‍රමාණයක් ව්‍යාජ ලියකියවිලි යොදාගෙන රට යැවීමට විදේශ රැකියා ආයතන කටයුතු කරමින් සිටියි.

මෙලෙස ව්‍යාජ ලියකියවිලි යොදාගෙන විදේශ රැකියාවක් සඳහා යැවූ වයස අවුරුදු 13 ක ගැහැණු දරුවෙකු ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළදී සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුවතක් පිළිබඳවද ඇමතිවරයා මෙහිදී සඳහන් කර ඇත.




Related News