தமிழ்
English
Contact
Friday 16th April 2021    
විදේශ විනිමය හිඟය පියවීමට ඩොලර් කෝටි 150ක් වටිනා චී-ණයක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදේශ විනිමය හිඟය පියවීමට ඩොලර් කෝටි 150ක් වටිනා චී-ණයක් !



මේ වනවිට විනිමය වෙළඳපොළ තුළ රුපියල ඇදවැටීම නවතාගැනීමේ අරමුණින් ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක්‌ මගින් ශ්‍රී ලංකා මහ බැංකුව යුවාන් බිලියන 10ක් චීන මහජන බැංකුවෙන් ලබාගෙන ඇත.

රජයේ නිවේදන අනුව, “ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත, මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.” මේ ආකාරයෙන් විනිමය ගැටලු විසඳන්නට චීන මුදල් ලබාගත්තද එයින් වෙනත් රටවල ණය පියවීමට නොහැකි නිසා වැය කිරීමට සිදුවනු ඇත්තේ චීනයේම නිෂ්පාදන හා සේවා මිලදී ගැනීමටය.

එම මුදල යොදාගනු ඇත්තේ දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, දෙපාර්ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමටත් බව ප්‍රකාශ වුවද අවසානයේ ලංකාව චීනයේ මිලදී ගන්නකු බවට පත් කරමින් ගනුදෙනුව අවසන් වන බව පෙනී යයි.