தமிழ்
English
Contact
Saturday 16th January 2021    
විදේශ ශ්‍රමිකයන් ගෙන්වීම පිටුපස ආණ්ඩුවේ ජාවාරම්කාර මාෆියාවක්! - රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදේශ ශ්‍රමිකයන් ගෙන්වීම පිටුපස ආණ්ඩුවේ ජාවාරම්කාර මාෆියාවක්! – රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු



මෙරටට විදේශ ශ්‍රමිකයන් ගෙන්වීමේ ක්‍රියාවලිය ජවාරම්කාර මාෆියාවකට හසුව ඇතැයි
කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු චෝදනා කරයි.

ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ 2019 මාර්තුවේ සිට විදේශගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රමුඛතාවක් නොදුන්නද මේ වනවිට නැවත පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ගෙන් ලක්ෂ ගණන් මුදල් අයකර ගැනීමේ ජවාරමක් ක්‍රියාත්මක වේ.

රාජ්‍ය ඇමතිවරයා පවසන ආකාරයට පැමිණමේ ලැයිස්තුවේ නම ඇතුළත් කිරීමට අල්ලස් ගන්නා අතර ගුවන් ටිකට් පත ඇතුලු කටයුතුවලට රුපියල් පලක්ෂ දෙකක් අයකර ගනී. ඉන්පසුව මෙරටට පැමිණි පසුව ආණ්ඩුවේ සෞඛ්‍ය පිළිවෙත් යටතේ ලබාදිය යුතු ක්‍රියාමාර්ග වෙනුවට ව්‍යාපාරික ආයතන ගණනාවක මුදල් ගැරීමේ ක්‍රියාදාමයකට ඔවුන් යොමුකර ඇත. පරික්ෂණ පෞද්ගලික රෝහල්වල සිදුකිරීමට විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් අයකර ගන්නා අතර දිනකට රු. 12000 -15000ක් අයකරගන්න පෞද්ගලික හෝටල්වල නිරෝධායනයට යවන්නට කටයුතු කරයි. මේවැනි ක්‍රියාවලියකදී රුපියල් ලක්ෂ 5ක පමණ අයකරගැනීමක් සිදුවන බව අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයා පවසයි.

විදේශ විනිමය උපයා දෙමින්, ඇතැම්විට වහල් සේවයක යෙදී මෙරටට එන විදේශ ශ්‍රමික කාන්තාවන් ඇතුළු දුෂ්කර තත්වයන්ට මුහුණ දුන් විදේශ ශ්‍රමිකයන් මෙසේ ව්‍යාපාරික මාෆියාවක ලාභය පිණිස ගොදුරුකරවීමක් සිදුවන බව මේ ආකාරයට ‘ලංකාවීව්ස්‘ මින් පෙරද අනාවරණයකළ අතර ඒ අවස්ථාවේ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ කිසිවකු මෙම අපරාධය සම්බන්ධ හඬනැගීමක් සිදු නොවිණි. කෙසේවෙතත්, ආණ්ඩුවේම රාජ්‍ය ඇමතිවරයෙක් දැන් ඊට එරෙහිව හඬනගන්නේ දේශපාලන ගැටුමක් නිසා බව පැහැදිලිය.