தமிழ்
English
Contact
Sunday 26th May 2019    
විධායක ක්‍රමය අහෝසි කරන්න ජ.වි.පෙ. මහින්ද සමග සාකච්ඡා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විධායක ක්‍රමය අහෝසි කරන්න ජ.වි.පෙ. මහින්ද සමග සාකච්ඡා!



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඉදිරි දිනක සාකච්ඡා කරන බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක මාධ්‍ය වෙත හෙළි කරයි.

ජ.වි.පෙ. නායකයා මේ බව පවසා ඇත්තේ අද(28) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජ.වි.පෙ. මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මහින්ද රාජපක්ෂ වටා සිටින මන්ත්‍රිවරුන්ගේ සහයෝගය නොමැතිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නොහැකි බව පවසන මන්ත්‍රිවරයා තම පක්ෂයේ 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අදහස් කරන බව පවසා තිබේ.

පසුගිය දිනවල ජනාධිපති මෛත්‍රිපාල, අගමැති රනිල් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්ව සාකච්ඡා පැවැත්වූ බව මාධ්‍ය අනාවරණය කළේය. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වෙනුවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම යන සටන් පාඨය ගෙන පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අදහසකින් කටයුතු කරන බවට දේශපාලන අංශවල කතාබහට ලක් විය. ගනන් බැලීම් අනුව, විශේෂයෙන්ම මැතිවරණවලදී අවම ඡන්ද ප්‍රමාණයක් ලැබෙනුයේ ජනාධිපතිවරණයකදී වන බැවින් පක්ෂයක් ලෙස අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම අවාසිදායක බව ජනතා විමුක්ති පෙරමුනේ අදහස වී ඇත.