தமிழ்
English
Contact
Thursday 21st March 2019    
විධායක ක්‍රමය අහෝසි කරන්න මහින්දගෙන් කොන්දේසි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විධායක ක්‍රමය අහෝසි කරන්න මහින්දගෙන් කොන්දේසි



විධායක ජනාධිපති ක්‍රමය වෙනස්වන්නේ නම් වර්තමාන ඡන්ද ක්‍රමය හා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද සම්පූර්ණයෙන් වෙනස්විය යුතුයයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඊයේ(06) පැවැත්වූ සාකච්ඡාවේදී පැවසී යයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

20වන සංශෝධනය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් එකඟවිය නොහැකි වුවත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස්කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ යයි මහින්ද රාජපක්ෂ මෙහිදී පවසා ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් තමා සමඟ සිටින සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර ජනතා විමුක්ති පෙරමුණ සමඟ නැවත සාකච්ඡා කිරීමට මෙහිදී මහින්ද රාජපක්ෂ එකඟව තිබේ.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති ද මහින්ද පාර්ශවය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුමද සහභාගී වී තිබේ.