தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
විධායක ජනාධිපති අහෝසි කිරීමට ‘ජ.වි.පෙ. 20‘ සමග එකගයි ! - සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විධායක ජනාධිපති අහෝසි කිරීමට ‘ජ.වි.පෙ. 20‘ සමග එකගයි ! – සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය



ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි සංශෝධනය හා එකඟ වන බව ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය‘ පවසයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගෙනැවිත් ඇති යෝජනාවක් ලෙස එය අගය කරන බවත් ඒ වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් එම ප්‍රකාහයෙන් දක්වා ඇත. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අපවත් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලික ඉල්ලීමක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඉටු කිරීමට කටයුතු කරන ඕනෑම පාර්ශ්වයක් සමඟ තම ව්‍යාපාරය එකඟ වන බව එහි ප්‍රධාන ලේකම් පාලිත ලිහිණිය කුමාර, අද(26) රාජගිරියේදී පැවසීය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වත්මන් ලේකම්වරයා බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජතික පක්ෂ අපේක්ෂයකු ලෙස අංක 34 යටතේ ඉදිරිපත් වූ අපේක්ෂකයාද වේ.