தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
විනය පරික්ෂණ තියලා බලමු - සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් ජනාධිපතිට අභියෝගයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විනය පරික්ෂණ තියලා බලමු – සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් ජනාධිපතිට අභියෝගයක්!



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමාට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන්නේ නම් ඊට මුහුණ දීමට සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

“විනය පරීක්ෂණ තියලා උසාවි ආවම වෙන්නේ මොනවද කියලා අපි බලමු” යයිද ඔහු සඳහන් කළේ‍ය.

ජනාධිපතිවරයා විසින් තමන් අස් කිරීමට තීරණය කළ බව ආරංචි වීමෙන් පසුව ඇමති වගකීම් අත්හැර නිවස බලා යන අවස්ථාවේ සුසිල් ප්‍රේම්ජයන්ත් කීවේ තමා අද ඊයේ දේශපාලනයට පැමිණි අයෙකු නොවන බවත් තමා කතා කළේ ජනතාවගේ ප්‍රශ්න ගැන මිසක් වෙන දෙයක් නොවන බවත් ය.

කෙසේවෙතත් ආණ්ඩුව පසුගිය වසර 2ක් තුළ විවිධ වැරදි තීන්දු ගන්නා විට රාජ්‍ය ඇමතිවරයා එ සම්බන්ධ කිසිවක් කර නැති බවත් මේ දක්වා ආණ්ඩුවේ තීරණ සම්බන්ධ කිසිදු විවේචනයක් සිදු නොකර හදිසියේ මෙසේ වෙනස්වීම සම්බන්ධ ඔහු ජනතාව වෙත පැහැදිලි කිරීමක් ඛල යුතු බව දේශපාලන අංශවල විවේචන මතුකර තිබිණි.

ඇමති මණ්ඩලයේ තීරණවලට එකඟ නොවී ඒවා විවේචනය කිරීම නිසා තමන් ඇමතිවරයකු අස් කළ බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රසිද්ධයේ ප්‍රකාශ කරන ලදී. ඇමති මණ්ඩල තීරණ වැරදියි නම් තමන්ද වැරදි බව පිළිගත යුතුව ඇති බව පවසමින් ජනාධිපතිවරයා කීවේ වැරැද්ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නිසා තමන් විසින් සුසිල් පේ්‍රම්ජයන්ත් රාජ්‍ය ඇමතිවරයා එසේ අස්කර දැමූ බවය.