தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
විනිසුරුවන්ගේ විශ්‍රාමික පාරිතෝෂික නැවත අයකර ගැනීමේ සූදානමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විනිසුරුවන්ගේ විශ්‍රාමික පාරිතෝෂික නැවත අයකර ගැනීමේ සූදානමක්



උපරිමාධිකරණ විනිසුරුවන්ට ලබාදී තිබූ විශ්‍රාමික පාරිතෝෂිකය නැවත අයකර ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. විනිසුරු වැටුප මෙන් 24 ගුණයක ප්‍රමාණයක් මෙම පාරිතෝෂික දීමනාවට අයත් වී තිබේ.

මෙය ලබාදී ඇත්තේ පසුව විශ්‍රාම වැටුපෙන් අඩු කරගන්නා පොරොන්දුව මතයි. නමුත් එළෙස පාරිතෝෂිකය ලබාගත් විනිසුරුවරුන්ගෙන් මෙතෙක් වැටුපෙන් අඩු කිරීමක් සිදුව නැත. ඒ අනුව එම මුදල නැවත මාස 120න් අයකර ගත යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ.

මන්ත්‍රී වැටුප් වැඩිකිරීමේදී රජය වැටුප් තල සසඳනු ලැබුවේ විනිසුරු වැටුප් සමඟයි. එහිදී ආණ්ඩුව පැවසුවේ විනිසුරු වැටුප් වැඩි කර ඇති බැවින් මන්ත්‍රී වැටුප් වැඩි නොකළහොත් අසමානතාවයක් ඇතිවන බවයි. නමුත් රාජ්‍ය හෝ පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමේදී එවැනි සංසඳන සිදු නොවේ.