Posted on 03.06.2022 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීණ ප්‍රහසන නළුවෙකු වූ බර්ටි ගුණතිලක අද(6) උදෑසන අභාවප්‍රාප්ත විය.
1924 අගෝස්තු 2 වැනිදා මහනුවර අම්පිටියේදී උපන් ඔහු මිය යන විට වයස 98 ක් විය.
ගුවන්විදුලියේ විනෝද සමය ප්‍රහසන වැඩසටහන තුළ සැමුවෙල් රොද්‍රිගු, ඇනස්ලි ඩයස් යන සමකාලීන ප්‍රහසන ශිල්පීන් සමඟ ගුවන්විදුලි විනෝද වැඩසටහන් මාලාවක් ඉදිරිපති කරමින් ජනප්‍රිය වූ ඔහු තවදුරටත් ජනප්‍රිය වූයේ විනෝද සමය රූපවාහිනී වැඩසටහනේ රඟපෑ “බබා” චරිතයෙනි.
1947 දී රේඩියෝ සිලෝන් ආයතනයට සම්බන්ධ වී ‘ළමා පිටිය’ ළමා වැඩසටහන ඉදිරිපත් කළේය. ඉන්පසු ජෝසප් සෙනෙවිරත්න, වින්සන්ට් වීරසේකර, හැරියට් සුරවීර, පිටිපන සිල්වා, සිසිර කුමාර මානික්කආරච්චි සමඟ 1948 දී විනෝද සමය ගුවන් විදුලි නාට්‍යයට සම්බන්ධ වී ඇත.