தமிழ்
English
Contact
Sunday 20th January 2019    
විමල් වීරවංශගේ පොත නිසා ජ.වි.පෙ.ට මිලියන 10ක් වන්දි ගෙවන්න වෙලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විමල් වීරවංශගේ පොත නිසා ජ.වි.පෙ.ට මිලියන 10ක් වන්දි ගෙවන්න වෙලා!



ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් “නැත්ත වෙනුවට ඇත්ත” නමින් පොතක් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක සහ ජ.වි.පෙ. හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංශට රු.මිලියන 10ක වන්දි ගෙවීමට සිදුව ඇත.

2008 අප්‍රේල් මසදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමෙන් පසු ජ.වි.පෙ. හිටපු ප්‍රචාරක ලේකම් විසින් කරුණු විකෘති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මුද්‍රණය කළ එම කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි සියළු සහන සමගින් ජයග්‍රහණය කර ඇත. ඒ අනුව රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණට ගෙවීමටත් එම කෘතිය විකිණීම තහනම් කිරීමටත් කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර ඇත.