Posted on 07.27.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගාලුමුවදොර විරෝධතා භූමියේ දැන් ඉන්නේ අරගලකරුවන් නොව අරාජිකෙකරුවන් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ අද(27) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාධාරණ ආවේග ගැන තමන් ගරහන්නේ නැති නැති නමුත් රාජ්‍ය බිඳ වැට්ටවීම සඳහා මහජන පීඩනය අවභාවිතා කරමින් සිටින බවද වීරවංශ මන්ත්‍රීවරයා පවසයි. මේ වනවිට රාජ්‍ය බිඳ වැට්ටවීමෙි කුමන්ත්‍රණයක් යැයිද ඊට ඉඩ දෙන්න බැරි යැයිද කී මන්ත්‍රීවරයා තමාට රනිල්ගෙන් ඇමතිකම් අවශ්‍ය නැති නමුත් ‘රාජ්‍ය ඕනෑ” යැයි පැවසීය.
කුමන බේද තිබුනත් තීරණාත්මක මොහොතක රාජ්‍ය රාජ්‍යය බිඳ වැට්ටවීමේ කුමන්ත්රණයෙන් රාජ්‍ය ගලවා ගත යුතු බවද එන එන මිනිහා ගෝ හෝම් කියන්න කාටවත් යුතු කමක් නැතැයි ද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුවේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් වීරවංශ මන්ත්‍රීවරයා කීවේ තම් ඇතුළු ස්වාධින වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හදිසි නීතිය සම්මත කිරීමට සිය ඡන්දය ලබා දෙන බවයි.