தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
විමල් වීරවංශ යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විමල් වීරවංශ යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට



කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පවරමින් අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර ඒ පිළිබඳ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සිය නිල සමාජ ජාලයේ සවිස්තර සටහනක් පළකර තිබේ. දිගින් දිගටම පාඩු ලබමින් පැවති ලංකා පොස්පේට් සමාගම නව ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වන තමන් යටතේ විශාල ලාභයක් වාර්තා කර තිබූ බවත් එවැනි තැනකට ගෙන ආ ලංකා පොස්පේට් සමාගම ඉදිරියටත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යනු ඇතැයි බලාපොරොත්තු වෙන බවත් විමල් වීරවංශ එහිදී පවසා තිබේ.

ලංකා පොස්පේට් සමාගම ලැයිස්තුගත කර ඇති නව අමාත්‍යාංශය වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ විෂයබාර අමාත්‍යවරයා වශයෙන් මහින්දානන්ද අලුත්ගමගේ කටයුතු කරනු ලබයි.

මේ අතර වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර තිබුණි.

ඒ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට නිලයෙන් විශ්‍රාම ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇති බව පවසමිනි.