Posted on 03.03.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කර්මාන්ත ඇමති විමල් වීරවංශ සහ බලශක්ති ඇමති උදය ගම්මන්පිල ඇමතිධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
මෙසේ පුරප්පාඩුවන ඇමතිධුරවලට ඇමතිවරු නම් කිරීමද දැනටමත් සිදුකර ඇත. කර්මාන්ත ඇමති ලෙස එස්.බී. දිසානායක සහ බලශක්ති ඇමති ලෙස පවිත්‍රා වන්නිආරච්චි පත්කර තිබේ. බලශක්ති ඇමති ලෙස කටයුතු කළ ගාමිනි ලොකුගේ පවිත්‍රා දැරූ ප්‍රවාහන ඇමතිධුරයට පත්කර ඇත.
විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඉවත් කිරීමට ආසන්න හේතුව ලෙස ආණ්ඩුවට අභියොගාත්මක ලෙස දේශපාලන සන්ධානයක රැස්වීමකට සම්බන්ධවීඹ සම්බන්ධ අදහස් පළ වෙමින් තිබේ. කෙසේවෙතත්, ආණ්ඩු විරෝධය වෙනත් අතකට කේන්ද්‍රගතවීම වැළැක්වීමට මෙම විරෝධය ගොනු කරන්නේ ආණ්ඩුවේම සැලැස්මක් අනුව බවට දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.