தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
විමල්, MCC අත්සන් කරන්නෙ නැතිලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විමල්, MCC අත්සන් කරන්නෙ නැතිලු!



මහමැතිවරණයෙන් පසුව MCC ගිවිසුම අත්සන් කරන බව ජනපද තානාපතිනි අලයිනා ස්ටිප්ලිට්ස් පැවසුවද ඒය අත්සන් නොකරන බව විමල් වීරවංශ පවසයි.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ගෝඨාභය රාජපක්ෂ විසින් ඒක්සත් ජනපදයට මිලිටරි සේවා සපයන ACSA ගිවිසුමක් අත්සන් කරණ ලදී. එය අත්සන් කරද්දී ඒවකට බොහෝ මැති ඇමතිවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා ඒම ගිවිසුමේ අකුරක්වත් කියවා නොතිබුනු බව අනාවරණය විය.
විමල් වීරවංශ ඒවකට ජනතා විමුක්තිි පෙරමුුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා විය. එම ගිවිසුම අත්සන් කිරීම ගැන විවේචන සිදුකළද එය අහෝසි කිරීමට අදත් නොහැකිව සිටින රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව ඇත්ත වශයෙන්ම අමෙරිකානු බලයට හිස නමා සිටින බව සනාථ වී ඇත. පසුගිය දා එක්සත් ජනපදයේ සිදුවූ ම්ලේච්ඡ පොලිස් ඝාතනයට විරෝධය පළ කළ පෙ.ස.ප. සාමාජිකයන් අත්අඩංගුවට ගනු ලැබුවේ ගෝඨාභය ආණ්ඩුවය. අමෙරිකානු තානාපතිනිය නිසැකව පවසන්නේ මහමැතිවරණයට පසුව MCC ගිවිසුම අත්සන් කරන බවය. එය අත්සන් කරනු ලබන්නේද ඒ් ගැන තීරණය ගනු ලබන්නේද ගෝඨාභය රාජපක්ෂ පාලනය මිස එහි එක් අයකු පමණක්වන විමල් වීරවංශ නොවන බව පැහැදිලිය.
ඉන්දිය සාගරයේ චීන-අමෙරිකානු බලපොරය තුළ ලංකාවේ වැදගත්කම අමෙරිකානු රජය සළකා බලමින් සිටී. ගෝඨාභය පාලනයට සිදුවනු ඇත්තේ ඒහිදී චීනයට හෝ ඒක්සත් ජනපදයට යටවීමට හෝ ඒසේ නැත්නම් ඒම බලවත් රාජ්‍යයන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.
ස්වාධීන බලයක් ලෙස ලංකාවේ පැවැත්ම අනතුරට හෙලීමේ මූලිකයකුවන ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු බලයට කැඳවමින් ඒහි ප්‍රතිලාභ නෙලන සියලු දේශපාලන යැපෙන්නන්ට සිදුවනු ඇත්තේ ඒහි වගකීම භාරගන්නට මිස තමන් ඊට සම්බන්ධ නැති බව කියා ලිස්සා යාමට නොවේ.