தமிழ்
English
Contact
Friday 24th May 2019    
වියරුවට එරෙහි වෙමු - සම අයිතිය ව්‍යාපාරයෙන් මැදිහත්වීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වියරුවට එරෙහි වෙමු – සම අයිතිය ව්‍යාපාරයෙන් මැදිහත්වීමක්



ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රචණ්ඩත්වය තුළින් ප්‍රචණ්ඩත්වයට අනුබල නොදෙන මුස්ලිම් ජනතාව ආරක්ෂා කරගැනීමටත් ජාතික, ආගමික හෝ අනන්‍යතා පදනමින් ගැටුම් සදහා කටයුතුකරන බලවේග අනාවරණය කරමින් ජනතාව දැන්වත් කිරීමටත් ‘සම අයිතිය ව්‍යාපාරය‘ විසින් කැදවූ සාකච්ඡා සභාවක් අද(14) කොළඹ සමාජ සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණි.

මේ අවස්ථාවේ එක්වූ වාම ක්‍රියාකාරිකයන්, බහුජන සංවිධාන නියෝජිතයන් සහ විවිධ ජන ප්‍රජාවන් හා ආගමික ඇදහීම් නියෝජනය කරන පැතිර යන ප්‍රචණ්ඩත්වය අහෝසි කරන්නට ආරම්භක ක්‍රියාමාර්ගයක් ලෙස හෙට (15) සවස 1.00ට කොළඹ කොටුවේදී විරෝධතාවක් පැවැත්වීමටද ඉන්පසුව, මෙම තත්වය, ප්‍රචණ්ඩ ක්‍රියා සහ ප්‍රති-ප්‍රචණ්ඩ ක්‍රියා වශයෙන් තවදුරටත් වර්ධනය වීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගවලට සක්‍රියව මැදිහත්වන්නටද එකග වූහ.