தமிழ்
English
Contact
Saturday 19th June 2021    
විරුද්ධ මත පළකරන අයට රැඳවුම් කඳවුරක් - ජනාධිපති අත්සන් කළ ගැසට් නිවේදනයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විරුද්ධ මත පළකරන අයට රැඳවුම් කඳවුරක් – ජනාධිපති අත්සන් කළ ගැසට් නිවේදනයක්!



වසංගත සමයේ පවා මර්දනකාරී අරමුණු සහිතව ආණ්ඩුව ගෙන යන කටයුතු ශක්තිමත් කිරීම පිණිස නව රැඳවුම් ස්ථාන නම් කරමින් තිබෙන බව අනාවරණය වේ.

2021 ජූනි 4 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකින් කොළඹ 5, කිරුළපන ඇවනිව්හි අංක 145 දරණ ස්ථානය 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9වන වගන්තියේ කාර්යය සඳහා රැඳවුම් ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මර්දනයට නියමිත පුද්ගලයන් මෙම ස්ථානයේ රඳවා තැබීමට අදහස් කරන බව පෙනී යයි. මේ වන විට ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවේ ඇතැම් පියවර විවේචනය කිරිමත් දේශපාලන නායකත්වයේ දුබලතා හාස්‍යයට ලක් කිරීමත් නිසා නව මර්දනකාරී පියවර ගැනීමේ උවමනාව ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල විසින් අනාවරණයකර ඇත.

අදහස් ප්‍රකාශ කිරීමේ ව්‍යවස්ථාපිත අයිතිය උල්ලංඝනය කරමින් මෙම හේතු යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් රඳවා තැබීමට ඉහත ස්ථානය නම්කර ඇති බව පෙනී යයි. මේ වනවිට රජයේ ප්‍රකාශිත රැඳවුම් මධ්‍යස්ථාන සියල්ලම පාහේ කෝවිඩ් ආසාදන වැළැක්වීමේ නිරෝධායන ක්‍රමයට අනුගත බැවින් අලුතින් අත්අඩංගුවට ගැනීමට අපේක්ෂිත පුද්ගලයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නව රැඳවුම් කඳවුරට ගෙනයාම සිදු වෙතැයි අනුමාන කෙරේ.

කෙසේවෙතත් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විසින් මෙවැනි ගැසට් නිවේදනයක් පළ කරන්නට අත්සන් යොදා ඇත්තේ ජනාධිපති ධුරය භාවිත කරමිනි. එහෙත් මෙවැනි ගැසට් නිවේදනයකට අත්සන් යෙදීමට බලයලත් තැනැත්තා වන්නේ ආරක්ෂක ඇමතිවරයා වේ.