தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
විරෝධතාවක් නිසා දින 105ක් සිරකළ 5 දෙනා ඇප ලබා සිරමැදිරියෙන් නිදහස් වෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විරෝධතාවක් නිසා දින 105ක් සිරකළ 5 දෙනා ඇප ලබා සිරමැදිරියෙන් නිදහස් වෙති!



දින 105 ක කාලයක් සිරගත කර සිටි විරෝධතාකරුවන් 5 දෙනා අද(15) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත නිදහස් කරනු ලැබිණි.

පසුගිය 11 වැනිදා ඔවුන්ට ඇප ලබා දීමට හෝමාගම මහාධිකරණය දුන් නියෝගය ඉන්පසු දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ලබාදී තිබුණි. නමුත් සිරගත කළ 5 දෙනා අද දින අධිකරණය වෙත කැඳවා ඔවුන් ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත.

අගෝස්තු 3 වැනිදා පාර්ලිමේන්තුව අසළ පැවති ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ’ විරෝධතාවට සහභාගි වීම සහ රාජ්‍ය දේපළ හානි කිරීම සම්බන්ධ ඔවුන් ඇප ලබා දිය නොහැකි ආකාරයෙන් චෝදනාවට ලක් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි.