தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
විරෝධතාවයේ නිරත රැඳවියන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විරෝධතාවයේ නිරත රැඳවියන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු



වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලය මත නැග රැදවියන් පිරිසක් කළ විරෝධතාව හේතුවෙන් රු. කෝටියක පමණ දේපළ හානියක් සිදුව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.

ඒ අනුව එම රැඳවියන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගන්නා බවද ඔහු පවසා ඇත.

පසුගිය මාසයක් දින 08ක කාලයක් පුරා මෙම රැඳවියන් විරෝධතායේ නිරතව සිටි අතර ඔවුන් ඉල්ලා සිටියේ දීර්ඝ කලයක සිට බන්ධනාගාර ගතව සිටින රැඳවියන් වෙත පොදු සමා ක්‍රමයක් සකස් කරන ලෙසයි.