தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
විරෝධතා ආවරණය කරන මාධ්‍ය නිහඬ කිරීමේ සංවිධානාත්මක උත්සාහයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විරෝධතා ආවරණය කරන මාධ්‍ය නිහඬ කිරීමේ සංවිධානාත්මක උත්සාහයක්



(TopNews) අද (8) බත්තරමුල්ල පොල්දූළු වටරවුමේදී පැවති විරෝධතාව වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට සිය කාර්ය ඉටු කිරීමට බාධා කරමින් පොලිසිය කටයුතු කළ බවට මාධ්‍යවේදියෝ චෝදනා කරති.

පොලිස් නිලධාරින් විසින් හිතා මතා මාධ්‍ය වාර්තාකරණයට බාධා සිදු කළ ආකාරයක් දක්නට ලැබිණි.

එක්තරා අවස්ථාවකදී පොලිස් කාන්තාවක් විසින් වීඩියෝ කැමරාවක් තල්ලු කර දැමීමෙන් වාර්තාකරණය නවතා දැමීමට පියවර ගත්තද කැමරා ශිල්පියා විසින් ක්ෂණිතව ක්‍රියාත්මක වී කැමරාව වැටෙන්නට නොදී ආරක්ෂා කරගෙන ඇත.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අදාළ නිලධාරිනියගෙන් කළ විමසීමේදී ඇය දිව ගොස් බස් රථයකට නැගී පළා ගොස් ඇත. කෙසේවෙතත්, එහි සිටි උසස් පොලිස් නිලධාරින්ගෙන් විමසා සිටි විට කිසිදු සාධාරණ මැදිහත්වීමක් දක්නට නොලැබුණි. ඒක් නිලධාරියකු පවසා ඇත්තේ මෙම තල්ලු කර දැමීම සිතා මතා කළ දෙයක් නොවන බවත් නිලධාරිනියට ‘වැරදීමක්’ වන්නට ඇති බවත්ය.
මෙසේ මාධ්‍ය වෙත හිරිහැර කිරීමේ ක්‍රමයක් පවත්වා ගෙන යමින් එය අත්වැරදීඹක් ලෙස බැහැර කරන්නට පොලිසියේ ඉහළ නිලධාරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෝ විමතිය පළ කළහ.

ඊයේ (7) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ද ඉහළ පොලිස් නිලධාරියකුගේ නියෝග මත මාධ්‍යවේදින්ට වාර්තා කිරීමේ අවස්ථාව වළක්වා මාධ්‍යවේදීන් තල්ලුකර දමා අධිකරණ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට බලහත්කාරය පාවිච්චි කළ බව දක්නට ලැබිණි. පොලිස් නිලධාරියකු විසින් ප්‍රසිද්ධියේ මාධ්‍යවේදියකුට තර්ජනය කරන ආකාරය වීඩියෝ පටවල වාර්තා කෙරිණි.

මහජන විරෝධතා මර්දනය කිරීමට අමතරව ඒවා වාර්තාකරණය කිරීම වළක්වන්නට පොලිසිය නිශ්චිත පියවර ගනිමින් සිටින බව මෙය ආණ්ඩුවේ අවශ්‍යතා ඉටු කරමින් මාධ්‍ය නිහඬ කිරීමේ ප්‍රය්තනයක් බවද පැහැදිලි වේ.