Posted on 04.03.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනතා විරෝධතා මැඬලීමට, ඊයේ සවස 6.00 සිට පැය 36ක ඇඳිරි නීතිය පැනවීමෙන් නොනැවතී සමාජ මාධ්‍ය අවහිර කිරීමට ගෝඨාභය-මහින්ද පාලනය පියවර ගෙන ඇත.
මේ අනුව, අද(3) දින ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ඒ නිසා ඇතිව තිබෙන ආර්ථික දුෂ්කරතා සම්බන්ධ විරෝධය පළ කිරීමට විවිධ කණ්ඩායම් හා සංවිධාන කැඳවා තිබුණු විරෝධතා අඩපණ කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටී.
මෙසේ විරෝධතා කැඳවු Go Home Gota කණ්ඩායමට අයත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වූ තිසර අනුරුද්ධ බණ්ඩාර පැහැර ගෙන ගොස් ඊයේ ඇප පිට නිදහස් කරන ලද බව ප්‍රකාශයට පත් විය.
ඊයේ සවස සිට youube, whatsapp, messenger, facebook, viber,witter යන සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමට බාධා
එල්ල වී තිබේ. Tiktok සමාජ ජාලා අද වන විට අක්‍රිය වී තිබිණි. මේ නිසා සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු ලබා ගැනීම, පණිවිඩ යැවීම, වීඩියෝ හුවමාරු කිරීම, යාවත්කාලීන කිරීම් ආදිය සිදු කිරීම
බාධාකර ඇත
කෙසේවෙතත් විකල්ප මාර්ග ඔස්සේ සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට තරුණ ප්‍රජාව සමත්ව තිබෙන බවද දැනගන්නට ඇත.
මේ දක්වා විවිධ ක්‍රම මගින් (proxy) එසේ විකල්ප සන්නිවේදන ක්‍රමවලට හුරුව සිටින තරුණ ප්‍රජාවට එම විකල්ප ක්‍රම අවහිර කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත නමුත් එසේ තිබියදී විවිධ නව උපක්‍රම හරහා සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම හා තොරතුරු හුවමාරු කිරීම සිදුකරනු ලබන බව අපගේ මූලාශ්‍ර හෙලිකරයි.