தமிழ்
English
Contact
Sunday 28th February 2021    
විල්පත්තු වන විනාශය සම්බන්ධව රිෂාඩ් බද්යුදින්ට දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විල්පත්තු වන විනාශය සම්බන්ධව රිෂාඩ් බද්යුදින්ට දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් !



විල්පත්තු වනය විනාශ කරමින් සිදු කළ පදිංචි කිරීම් කිරීම නිසා එළිපෙහෙළි කළ ඉඩම් වෙනුවෙන් පෞද්ගලික වියදමින් නැවත වන වගාවක් සිදු කරන ලෙසට අභියාචනාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ඇමති රිෂාද් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

අදාළ අභියාචනාධිකරණය නඩු විභාගයේ නඩු නිමිත්තේ සඳහන් කාල සීමාව තුළ තමා නිවාස ඉදිකිරීම් හෝ , වන සංරක්ෂණය බාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකළ බව ඔහු පෙත්සම මගින් පෙන්වා දේ. ඇමති ලෙසින් තමා කටයුතු කළ කාලය තුළ කැලෑ එළිකර නැවත පදිංචි කිරීම් සිදු නොකළ බවත් , විල්පත්තු රක්ෂිතයට මායිම් පෙදෙස්වල පදිංචි කිරීම් කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද බදියුදීන් සදහන් කර ඇත.

තමන් විසින් වන විනාශයක් කරන ලද බවට තීරණයකර 2020 නොවැම්බර් 16 වැනිදා එකී අභියාචනාධිකරණය තීන්දුව බලරහිත කරන්නැයි ද පෙත්සම්කාර රිෂාද් බද්යුද්දීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

විශේෂ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාරිසරික යුක්ති කේන්ද්‍රය , මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් , වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් , පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් , පරිසර ඇමැති , මන්නාරම දිස්ත්‍රික් ලේකම් , නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.