தமிழ்
English
Contact
Sunday 28th February 2021    
විල්සන් කරු පොලිස් අත්අඩංගුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විල්සන් කරු පොලිස් අත්අඩංගුවට!



නිරෝධායන නීති කඩකරමින් පොලිස් රාජකාරියට බාධා කළ බව චෝදනා කරමින් ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධව පොලිසිය පවසන්නේ විල්සන් කරු මුඛ ආවරණයක් නොමැතිව රුපියල් 5000 ආධාරය ලබා ගැනීමට පැමිණ සිටි අවස්ථාවේ ඒ් සම්බන්ධ අවවාද කිරීමේදී ඇති වූ තත්වයක් නිසා ඔහුව දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම ජනප්‍රිය ජ්‍යෝෂ්ඨ කලා ශිල්පියා පොලිස් නිලධාරියාට පහර දීමට උත්සාහ කළ නිසා නිරෝධායන නීති කඩ කිරීම හා පොලිසියේ රාජකාරියට බාධාකිරීම යන චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි. ප්‍රකාශයක් සටහන්කර ගැනීමෙන් පසුව ඔහු පොලිස් ඇප මත නිදහස් කෙරෙනු ඇති බව අනුමාන කෙරේ.