தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
විශ්මා සඳමාලිගේ මරණය පිළිබඳ යුක්තිය ඉටු කිරීමට උනන්දුවක් පෙන්වා නෑ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විශ්මා සඳමාලිගේ මරණය පිළිබඳ යුක්තිය ඉටු කිරීමට උනන්දුවක් පෙන්වා නෑ!



ජපානයේදී මිය ගිය ශිෂ්‍යාවගේ මරණය ගැන වගකීම ආගමන විගමන අංශය විසින් භාර ගත යුතු යැයි ඇයගේ සොයුරිය අවධාරණය කරයි.
මේ බව පවසන්නේ 33 හැවිරිදි විශ්මා සඳමාලි වෙනුවෙන් ජපානයට ගොස් නීථිමය කටයුතු සඳහා පොරබදමින් සිටින ඇගේ සොයුරියන් වන වයෝමි සහ පූර්ණිමා විසිනි. ඔවුන් මෙම නීති කටයුතු සිදු කරන්නේ විශ්මාගේ මරණය සම්බන්ධයෙන් ජපන් අධිකරණ ඇමතිනි යෝකෝ කමිකාවා සඳමාලිගේ ඥාතීන්ගෙන් සමාව ඉල්ලා ඇති පසුබිමකය.

ශිෂ්‍යාව මාර්තු මාසයේ මිය යාමට පෙර, ජපානයේ ආගමන විගමන අංශයට අයත් රැඳවුම් කඳවුරක සිටියදී රෝගාතුර වූ නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට බලධාරින් පියවර නොගැනීම නිසා ඇයගේ මරණය සිදු වූ බවට සාක්ෂ්‍ය ලැබී ඇතැයි අපගේ තොරතුරු මූලාශ්‍ර හෙළිකරයි. ඒ අනුව, ලංකාවේ සිට ජපානයේ අධ්‍යාප‍න කටයුතුවලට ගිය විශ්මාගේ වීසා කල් ඉකුත්වීම හේතුවෙන් ඇය රැඳවුම් භාරයට යොමු කර සිටියදී මෙම රෝගී තත්වය හේතුවෙන් මරණයට සිදුවී තිබේ.

මේ සම්බන්ධ යුක්තිය ඉටු කරගැනීමේ අපේක්ෂාවෙන් ජපානයට ගිය විශ්මාගේ සොයුරියන් දෙදෙනාට රැඳවුම් කඳවුරේ විශ්මා රඳවා සිටි කාමරයේ ආරක්ෂක කැමරා දර්ශන සම්පූර්ණයෙන් නැරඹීමට අවසර ඉල්ලා ඇති නමුත් සංස්කරණය කළ කොටසක් පමණක් නැරඹීමට අවස්ථාව ලබා දී ඇත. එය නීතිඥයන් වෙත පෙන්වීමටද බලධාරින් අවසර දී නොමැති බැවින් තවදුරටත් මෙම මරණය සම්බන්ධයෙන් ජපාන ආගමන විගමන බලධාරින්ගේ වගකීම අනාවරණය වී ඇති බව විශ්මාගේ සොයුරියන් පවසති.

තමන්ට මෙන්ම තම සොයුරියගේ මරණය සම්බන්ධ නීථිමය කටයුතු කරන නීතිඥයන්ට මෙම මරණය සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය කර ගැනීමට ආරක්ෂක කැමරාවල සටහන් පූර්ණ දර්ශන නැරඹීමට අවස්ථාව දිය යුතු බව ඉල්ලා ඔවුන් ජපන් බලධාරින් වෙත බලපෑම් කරමින් සිටී.
මෙම ක්‍රියාවලියට ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ප්‍රමාණවත් සහයෝගයක් ලැබී නැති බවට අපගේ තොරතුරු මූලාශ්‍ර අනාවරණය කරයි.