Posted on 05.17.2020 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
සමහර රටවල ක්‍රියාත්මක වන විෂබීජ නාශක මහා මාර්ගවලට ඉසීමෙන් කොරෝනා වෛරසය විනාශ නොවන අතර ඒ හරහා සෞඛ්‍ය අවදානමක් පවා ඇති විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
වෛරසයට විනාශ කිරීමේ ක්‍රමයක් ලෙස විෂබීජහරණය කිරීම පිළිබඳ සඳහන් ලේඛනයක ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වා ඇත්තේ විෂබීජ නාශක යමක් මතට ඉසීමෙන් විෂබිජ විනාශ කිරීම ප්‍රථිපලදායක නොවන බවයි.
“මහා මාර්ගවලට හෝ පොදු ස්ථානවලට විෂබීජ නාශක ඉසීම වෛරසය විනාශ කිරීමේ ක්‍රමයක් ලෙස නම් කර නැහැ. හේතුව එවැනි ස්ථානයක තිබෙන කුණු විෂබීජනාශක අක්‍රිය කරනවා”
වීදි සහ පදික වේදිකා COVID-19 හි “ආසාදන කලාප ” ලෙස නොසැලකෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. විෂබීජ නාශක ඉසීම “මිනිස් සෞඛ්‍යයට අනතුරුදායක” විය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
විෂබීජ නාශක පුද්ගලයින් මතට ඉසීම “කිසිදු තත්වයක් යටතේ නිර්දේශ නොකරයි” යනුවෙන් ද ලේඛනය අවධාරණය කරයි.
ගෘහස්ථ අවකාශයන්හි මතුපිටට විෂබීජ නාශක ඉසීම හා ධූමකරණය කිරීමද අනතුරුදායක බව ලෝක සෞඛ්‍ය සංවිධානයපවසයි.
“විෂබීජ නාශක යෙදිය යුතු නම්, මෙය කළ යුත්තේ විෂබීජ නාශකයේ පොඟවා ඇති රෙදි කඩකින් හෝ පිසදැමීමෙන්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.