Posted on 04.03.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඇෆ්ලටොක්සීන් නමැති පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වී ඇති ආනයනික පොල්තෙල් ගෙන්වන ලද ආයතන තුනෙන් එක් ආයතනයක තෙල් තොග තවත් දින කිහිපයක් ඇතුළත ප්රතිඅපනයනය කිරීමට සූදානම් බව රේගු අධ්යක්ෂ ජනරාල් විශ්රාමික මේජර් ජනරාල් විජිත රවිප්රිය පවසා තිබේ.
මෙරටට පැමිණි තෙල් තොග ප්රමිති පරීක්ෂණයට යොමු කරන තුරු ඔවුන්ගේ ගුදම් වෙත යොමු කර තිබූ කටාන තෙල් සමාගමේ තෙල් තොග සම්බන්ධයෙන් රේගුව කළ විගණනයේදී එම තෙල් තොග සමාන වීම හේතුවෙන් ඒවා පළමුව ප්රතිඅපනයනය කිරීමට හැකි බවත් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
අලි බ්රදර්ස් පෞද්ගලික සමාගම, එදිරිසිංහ තෙල් පිරිපහදුව ගෙන්වන ලද තෙල් තොග රේගුවේ මිනුම්කරුවන් විසින් තොග ප්රමාණයන් සකස් කරමින් පවතින බව රේගු අධ්යක්ෂකවරයා පවසා ඇත.
ශ්රී ලංකාවට සේවා සපයන නැව් සමාගම් 08න් ශ්රී ලංකාව හරහා යන නැව වෙත ප්රතිඅපනයනය කිරීමට සූදානම් තෙල් තොග යොමු කිරීමට සූදානම් කර ඇති බවද පැවසේ.
මේ වන විටත් තෙල් තොග ගෙන්වා ඇති ආයතන තුනට තෙල් තොග ප්රතිඅපනයනය කරන ලෙසට දැනුම්දී ඇති බවද ප්රමිති සහතිකය එනතුරු එම ගුදම් තුළට යොමු කර තිබූ තෙල් තොග අඩු වීමක් වී ඇත්නම් එම ආයතන දෙකට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා බවත් ඇතැම් විට ආනයන බලපත්රය පවා අත්අහිටුවීමට සිදු වනු ඇති බවත් රේගු අධ්යක්ෂකවරයා පවසයි.
අලි බ්රදර්ස් පුද්ගලික සමාගම, එදිරිසිංහ තෙල් පිරිපහදුව, කටාන තෙල් සමාගම යන ආයතන ගෙන්වන ලද පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් පිළිකාකාරක ඉතා ඉහළ ප්රතිශතයකින් අඩංගු බව පරීක්ෂණ දෙකකදී හෙළිවිය.