தமிழ்
English
Contact
Friday 10th April 2020    
දරුවන්ට පාසලක් ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශයේ රැඳී සිටින මව්වරුන් පොලීසිය යොදා එළියට දාන්න සැරසෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දරුවන්ට පාසලක් ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශයේ රැඳී සිටින මව්වරුන් පොලීසිය යොදා එළියට දාන්න සැරසෙයි



බඳවා ගැනීමේ චක්‍රලේඛන නිසා ගාල්ල සංඝමිත්තා සහ රිච්මන්ඩ් විද්‍යාලවල සිසුන් හත් දෙනෙකුට සිදුව ඇති අසාධාරණය සම්බන්ධ සාකච්ඡාවකට අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණි දෙමව්පියන්ට නිසි විසදුමක් දෙනු වෙනුවට බලධාරීන් ඔවුන්ව පොලීසිය යොදා අමාත්‍යංශ ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ. මෙම දෙමව්පියන් උදෑසන කාලයේ සිට අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලේ රැඳී සිටින අතර බලධාරීන්ගෙන් නිසි මැදිහත්වීමක් නොලැබීම හේතුවෙන් තවදුරටත් රැඳී සිටීමට තීරණය කර ඇත.

මෙම දෙමව්පියන්ට පෙරවරු 9.00 බත්තරමුල් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණෙන ‌ලෙස දන්වා තිබුණි. ‌ඒ අනුව පැමිණි තමන්ට නිසි පිළිතුරක් නොදී පොලීසිය යොදා ඉවත් කිරීමට උත්සාහ කිරීම ලජ්ජාසහගත ක්‍රියාවක් බව දෙමව්පියන් පවසයි. මිට පෙර අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවය අවස්ථාවේදී ද එහි සිටි සිසුන් සහ දෙමව්පියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අවුරදු 6ක් වයසැති සිසු සිසුවියන් හත් දෙනෙකුට සිදුව ඇති අසාධාරණයට එරෙහිව ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරයේ’ ‌මෙහෙයවීමෙන් විරෝධතා උද්ඝෝෂණයක්ද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වේ. මින් ‌පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී දින 14ක් තුළ මෙම ගැටලුව විසඳන බව අමාත්‍යාංශ බලධාරින් විසින් ‌ෙපොරොන්දුවක් ලබා දුන්නද, දින 14ක් ‌ගෙවී ගිය පසු තවමත් එම දරුවන්ට සාධාරණයක් ඉටු වී නැත. මේ වනවිටත් දරුවන් ඇතුළත් කරගන්නා ‌ලෙස බලකරමින් ගාල්ල සංඝමිත්තා විද්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 44ක් ගතව ඇත.