தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට - මෙවරත් වැඩිම මුදල ආරක්ෂක අමාත්‍යංශයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට – මෙවරත් වැඩිම මුදල ආරක්ෂක අමාත්‍යංශයට



2019 වර්ෂයේ අයවැයට පදනම් වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ(05) මුදල් ඇමති මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2312ක් වන අතර මෙවර වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහාය. එය රුපියල් කෝටි 39,306කි.

දෙවනුව වැඩිම මුදලක් එනම් රුපියල් කෝටි 29,239 ක් වෙන් කොට ඇත්තේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයටයි.

ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි 1355ක් ද අගමැතිවරයා වෙනුවෙන් රුපියල් කොටි 162ක්ද වෙන් කර ඇත.
විපක්ෂ නායකයා වෙනුවෙන් කෝටි 9.5ක් ද පාර්ලිමේන්තු වියදම් වෙනුවෙන් රුපියල් කොටි 358ක් ද මැතිවරණ කොමිසම වෙනුවෙන් රුපියල් කෝටි 484ක් ද වෙන් කර ඇත.

අධ්‍යපන අමාත්‍යංශයට රුපියල් කෝටි 10500ක් ද සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයට රුපියල් කෝටි 18748ද වෙන් කර ඇත.

මෙම විසර්ජන පනත් කෙටුම්පතට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර ඒ අනුව අයවැය යෝජනා ලබන මාර්තු 5 වන දා ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය තුන්වන වර කියවීමේ විවාදය මාර්තු මස 13 වනදා ආරම්භ කෙරෙන අතර, අවසන් ඡන්ද විමසීම අප්‍රේල් මස 4 වනදා සිදුකිරීමට කටයුතු යොදා ඇත.

මෙම වසරේ පළමු මාස හැර සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරනු ලැබීය. එම අතුරු සම්මත ගිණුමේ සඳහන් පළමු මාස හතරේ වියදම්ද ඊයේ ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත.