தமிழ்
English
Contact
Friday 14th May 2021    
විස පොල්තෙල් ගැන CID පරීක්ෂණයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විස පොල්තෙල් ගැන CID පරීක්ෂණයක්



ශ්‍රී ලංකාවෙන් සොයාගත් පිළිකාරක සහිත පොල්තෙල් පිළිබදව විමර්ශනය කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා විසින් පත්කරන ලද මෙම විශේෂ විමර්ෂණ කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරී නම් කර ඇති බව වාර්තා වේ.

පෞද්ගලික සමාගම් හතරකින් ආනයන කළ ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තත්ව පරීක්‍ෂණයෙන් තහවුරු වූ පොල්තෙල් අඩංගු කන්ටේනර් 100 ක පමණ පොල්තෙල් මෙටි‍්‍රක්ටොන් 2000 ක් පමණ මේ වන විට රේගු බාරයේ ඇති බව වාර්තා වේ.

විස පොල්තෙල් ගෙන්වීමේ සිට වෙළෙඳපොළට මුදාහැරීමක් සිදුව ඇත්ද යන්න පිළිබඳ සියලුම අංශ කෙරෙහි විමර්ශන පැවැත්වීමට නියමිතව තිබේ.