தமிழ்
English
Contact
Saturday 24th October 2020    
වීසා කල්ඉකුත්වූ ලාංකිකයන්ට සහනයක් ලබාදීමට සෞදි අරාබිය තීරණය කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වීසා කල්ඉකුත්වූ ලාංකිකයන්ට සහනයක් ලබාදීමට සෞදි අරාබිය තීරණය කරයි



කොවිඩ් 10 වසංගත තත්ත්වයත් සමඟ සෞදි අරාබියේ සිරවී සිටින වීසා බලපත් කල් ඉකුත්වූ ලාංකිකයන්ට කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීම සඳහා එරට රජය අවසර ලබා දී තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞදි අරාබියේ පිටවීමට නොහැකි වු ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෞදි අරාබි රජය මෙම තාවකාලික පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව වලංගු හෝ කල්ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක් නැවත ඇතුළුවීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති ඔනෑම ශ්‍රී ලාංකිකයෙකුටම එරටින් පිටත්ව යන විට දී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව පිටවීමට අවසර හිමිවනු ඇත.