தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
වී අලෙවි මණ්ඩලයේ සභාපති මාන්නප්පෙරුම ඉල්ලා අස්වෙයි. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වී අලෙවි මණ්ඩලයේ සභාපති මාන්නප්පෙරුම ඉල්ලා අස්වෙයි.



වී අලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම ඉල්ලා අස් වී ඇත.

පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වී ඇති බව ඔහු පවසා තිබුණද වී අලෙවි මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් ඉහළ දේශපාලන බලධාරින් ගන්නා තීරණ සම්බන්ධයෙන් අප්‍රසාදය නිසා ඔහු ඉල්ලා අස්වී ඇති බවට දේශපාලන අංශවල සාකච්ඡා වෙමින් තිබේ.

ඔහුගෙන් මාධ්‍යවේදින් විසින් මේ සම්බන්ධව විමසීමකදී සඳහන් කර තිබෙන්නේ කිසියම් පුද්ගලයක් දරණ නිලයකින් හේතුවක් නැතුව ඉල්ලා අස්වෙන්නේ නැති බවය. තම තීරණයට කිසියම් හේතු ඇති නමුත් ඒ ගැන සාකච්ඡා කිරීමට අකැමති බවද ජටාල් මාන්නප්පෙරුම පවසා තිබේ.

2019 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ඔහු මෙම තනතුරට පත් කරනු ලැබිණි.