தமிழ்
English
Contact
Monday 6th July 2020    
වී අලෙවි මණ්ඩලය රාජ්‍ය බැංකුවලට කෝටි 2000ක් ණයයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වී අලෙවි මණ්ඩලය රාජ්‍ය බැංකුවලට කෝටි 2000ක් ණයයි



වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම සඳහා ඉකුත් වසර 10 ක කාලය තුළ රාජ්‍ය බැංකු දෙකකින් හා මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන නොපිය වූ ණය ප්‍රමාණය රුපියල් කෝටි 2000 ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

වී අලෙවි මණ්ඩලය ඉකුත් වසර 10 තුළ ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල රුපියල් කෝටි 1142 ක් පමණ වන අතර ඒ සඳහා ගෙවිය යුතු පොළිය රුපියල් කෝටි 200 ක් පමණ වන බව පැවසේ.

ඒ අනුව මණ්ඩලය ඉකුත් වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රාජ්‍ය බැංකු දෙකට පමණක් ගෙවිය යුත ණය හා පොළි ප්‍රමාණය රුපියල් කෝටි 1362 ක් පමණ වනු ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

මෙම ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමටත් ඒ වෙනුවෙන් අනුමැතියක් මහාභාණ්ඩාගාරයෙන් ලබාගැනීමටත් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.