தமிழ்
English
Contact
Thursday 5th August 2021    
වෙන රටවලින් එන්නත් ඉල්ලා වැඩක් නෑ - පාවිච්චි කළ කුප්පිවල ඉතිරියෙන් එන්නත් හදමු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෙන රටවලින් එන්නත් ඉල්ලා වැඩක් නෑ – පාවිච්චි කළ කුප්පිවල ඉතිරියෙන් එන්නත් හදමු!



(TopNews) කොවිෂීල්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත එක් එක් කුප්පියේ ඉතිරිව ඇති දියර එකතුකර අවශ්‍යව ඇති දෙවැනි මාත්‍රා එන්නත් නිපදවා ගන්නා ලෙස
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේලා ගුණවර්ධන විසින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දන්වා තිබේ.

සියලුම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට, සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට සහ රේඛීය අමාත්‍යාංශයේ සියලුම ආයතන ප්‍රධානීන්ට මෙම නියෝගය නිකුත් කර ඇත.

එන්නත් සඳහා භාවිතයට ගන්නා සෑම කුප්පියක් තුළම අවසාන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව යම් තරල ප්‍රමාණයක් තිබීම සාමාන්‍ය දෙයක් බව පවසන වෛද්‍ය අසේල ගුණවර්ධන, එන්නත් 10ක් ලබාදීමෙන් පසුව පසු තවත් මාත්‍රාවක් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතින බව පවසයි. ඒ අනුව, ඉතිරි ද්‍රාවණ ප්‍රමාණය වෙනත් මාත්‍රාවක් (එනම් මිලි ලීටර් 0.5) පරිපාලනය සඳහා ප්‍රමාණවත් බවට නිගමනය කර තිබේ.

මෙම උපදෙස් මත කොවිෂීල්ඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ නියැලී සිටින සියලුම කාර්ය මණ්ඩලයට කුප්පිවල ඉතිරිව ඇති දියර තිබේ නම් තවත් මාත්‍රාවක් නිර්මාණය කරන ලෙස දැනුම් දෙන ලෙස සෞඛ්‍යඅධ්‍යක්ෂවරයා අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ප්‍රතිශක්තිකරණය සඳහා ලබා දී ඇති ස්වයංක්‍රීය සිරින්ජර භාවිතයට ගනිමින් එන්නත නාස්ති නොකර එක් මාත්‍රාවකට නිවැරදිව මිලි ලීටර් 0.5 ක ප්‍රමාණයක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ලබා දෙන සියලුම මාත්‍රාවන් සම්බන්ධ තොරතුරු අදාළ ලේඛණවල හා දත්ත ගබඩාවල සටහන් කළ යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයේ සඳහන් වේ.

සෞඛ්‍ය සේවාවේ ඉහළ සිට පහළට වසංගතය මැඩ පැවැත්වීමට මෙවැනි සියලු පියවරයන් ගනිමින් සිටින නමුත්, මෙරට පාලකයන් විසින් අවශ්‍යතාව මතු කරනු ලැබූ පළමු ජනතාවට අවශ්‍ය එන්නත් ඇණවුම් කිරීමට අවධානය යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි කේදජනක තත්වයකට සෞඛ්‍ය සේවය පත්ව ඇති බව මෙයින් පෙනී යයි.

සෞඛ්‍ය සේවයට ප්‍රතිපාදන කපා හැරීම නිසා ලංකාවේ පමණක් නොව, ලෝකය පුරා නවලිබරල් ධනවාදී පාලකයන් විසින් ගෙන යන ප්‍රතිපත්තිය නිසා ලක්ෂ ගණන් ජනතාව මිය යමින් සිටින්නේ කොරෝනා වසංගතය නිසා පමණක් නොවන බවද අවධානයට ගත යුතුව ඇත.