தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
වෙබ් අඩවි මර්දනය ආරම්භ වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෙබ් අඩවි මර්දනය ආරම්භ වේ!



ජනාධිපගි ගෝඨාභයට අපහාස කළ බවට චෝදනා කරමින් ආරක්ෂක අංශ වෙබ් අඩවි වෙත කඩැ පැනීම ආරම්භ කර තිබේ.

අද(26) සවස නුගේගොඩ පිහිටි වෙබ් අඩවි ආයතනයකට පොලිසිය පැමිණ පරිගණක යන්ත්‍ර සෝදිසි කර තර්ජනාත්මක ලෙස කටයුතු කර තිබේ. ජනාධිපතිවරයාට අවමන් සහගත ලිපි පළ කළ බවට පොලිසියට පැමිනිල්ලක් ලැබී ඇති නිසා මෙවැනි පරික්ෂාවක් සිදුකරන බව පැමිනි නිලදාරින් දැනුම් දුන්නද මෙම පරික්ෂාව සිදුකරන්නට පොලිසිය අවසර ලබා ඇත්තේ 2018 බවද අනාවරණය වේ.

මේ ආකාරයෙන් ආණ්ඩු බලය කවරකුට පැවතියත් තමන්ට අවාසිදායක හා විවේචනාත්මක මාධ්‍ය මර්දනය සිදුවන්නට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වන්නට පෙරාතුව මාධ්‍ය වෙත තර්ජනය කිරීම් හා ඇතැම් පහරදීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබිණි.