தமிழ்
English
Contact
Thursday 29th October 2020    
වෙළද කලාපයේ සේවක සේවිකාවන්ට සළකන්නේ අපරාධකාරයන්ට වගේ - කම්කරු සංවිධානවලින් චෝදනා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෙළද කලාපයේ සේවක සේවිකාවන්ට සළකන්නේ අපරාධකාරයන්ට වගේ – කම්කරු සංවිධානවලින් චෝදනා



නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් නිරෝධන මධ්‍යස්ථාන වෙත ගෙනයාමේදී අසාධාරණ සැලකීම්වලට ලක්වී ඇති බව වාර්තා වේ. ඊයේ නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කිහිපයක් එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ කරුණු හෙළිදරව් වී තිබේ.

“මාධ්‍ය විසින් ඔවුන්ව අපරාධකරුවන් හංවඩු ගැසීම නිසා ඔවුන්ට සළකා තියෙන්නෙ අපරාධකරුවන්ට වගේ” යැයි ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරක චමිලා තුෂාරි පැවසීය. “හමුදා භටයින් බෝඩිං කාමර වටලලා මේ සේවිකාවන්ට කියලා තියෙනවා විනාඩි 5ක් 10ක් ඇතුලත තමන්ගේ බෑග් සුදානම් කරගෙන බස් එකට නගින්න කියලා. ඔවුන් රැගෙන යන්නේ කොතැනට කියලා ඔවුන් දැනගෙන ඉදලා නැහැ, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඉදලා නැහැ, සමහර හමුදා සාමාජිකයන් මුඛ ආවරණවත් දාලා ඉඳලා නැහැ. සේවිකාවන් සමඟ ඔවුන්ගේ දරුවනුත් ඉදලා තියෙනවා. මේ අයව බස් රථයකින් තවත් බස් රථයකට මාරු කිරීම නිසා වෛරසය ආසාදනය වීමේ අවදානම ගොඩක් වැඩියි. යි ඔවුන්ට ඒ ආකාරයේ පහත් විදියට සළකන්නේ ” ඇය පවසා තිබේ.

චමිලා තුෂාරි වැඩිදුරටත් පවසා ඇත්තේ ” තරු පන්තියේ හෝටල්වල ප්‍රභූන් නිරෝධායනය නිරෝධායනය කරන තත්ත්වයක මේ සේවක සේව්කාවන් යොමුකර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල මූලික පහසුකම්වත් නැහැ. සමාගම් සැප්තැම්බර් මාසයේ සිට ඔවුන්ගෙන් වැඩ ලබා ගත්තත් ඔවුන්ට නිවාඩු දුන්නේ නැහැ. මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැන ගැනීමට අපි කැමතියි. මේ සේවක සේවිකාවන්ට මේ විදිහට සළකන එක සුදුසු නැහැ, මොකද ඔවුන් තමයි විදේශ ආදායම රටට ගෙන එන විශාලතම කර්මාන්තවලින් එකක කොඳු නාරටිය. ඒ නිසා රජය, මාධ්‍ය සහ මහජනතාව ඔවුන් අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීම නතර කළ යුතුයි.”

මෙම තත්ත්වය සඳහා ආයෝජන මණ්ඩලය, කම්කරු දෙපාර්තමේන්තුව සහ ඇඟලුම් නිෂ්පාදන සමාගම් වගකිව යුතු බව නියෝජිතයෝ වැඩිදුරටත් පැවසූහ.

සිය අදහස් දක්වමින් ලංකා වෙළඳ, කාර්මික හා සාමාන්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකෝඩි ප්‍රශ්න කළේ සමාගම් තමන් ලැබූ ලාභයෙන් කරන්නේ කුමක්ද යන්නයි. ඔවුන්ට දළ දේශීය නිෂ්පාදිතයේ ලාභ, රජයෙන් ණය සහන ආදිය ලැබෙන නමුත් මෙම සේවක සේවිකාවන්ට වැටුප් ගෙවලා නැහැ. මෙම කාන්තාවන් සුළු මුදලකට වැඩ කරද්දී ඔවුන්ගේ වැඩකරන කාලය තවදුරටත් දීර්ඝ කළ හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතිනවා.”

කෙසේවෙතත්, ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි අනුගමනය කරන ලෙසත් මෙම දුප්පත් ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත් රජයෙන් ඉල්ලා අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කර ඇති බව නීතිඥ ප්‍රියලාල් සිරිසේන පවසා තිබේ.