தமிழ்
English
Contact
Thursday 29th October 2020    
වෙළඳ කලාප සේවක නවාතැන්වල ආසාදිතයන් හඳුනාගැනීමෙන් කටුනායක නොසන්සුන්තාවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෙළඳ කලාප සේවක නවාතැන්වල ආසාදිතයන් හඳුනාගැනීමෙන් කටුනායක නොසන්සුන්තාවක්!



අද(13) කටුනායක නිදහස් වෙළඳ කලාපයේ චීප්වේ ආයතනයේ 35 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව අනාවරණයවීමෙන් ප්‍රෙද්ශයේ නොසන්සුන් තත්වයක් උද්ගතව ඇති බව වාර්තා වී තිබේ.

හමුවූ ඇතැම් ආසාදියන් ඇවරිවත්ත ප්‍රදේශයේ ඇති නේවාසිකාගරයක ඇතුල්වීම සහ පිටවීම තහනම් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියා කර තිබේ. මේ ආකාරයෙන් ආසාදිත බව හඳුනාගත් සේවක සේවිකාවන් කටුනායක චීප්වේ, නෙක්ස්ට්, මාස් ඇක්ටිව් ආයතනවල සේවකයන් බව වාර්තා විය. මෙම අවට ප්‍රදේශවල ඔවුන් විවිධ අවශ්‍යතාවලට ගමන්කර ඇති බැවින් ඇවරිවත්ත, කටුනායක අවට ප්‍රදේශවාසීන්ද නොසන්සුන් වී ඇත.

දිගින් දිගටම PCR පරික්ෂණ කරමින් ජනතාව අතර කොරෝනා වසංගතය ව්‍යාප්තවීම පාලනය කිරීමේ අවස්ථා බොහෝදුරට ගිලිහී ගොස් ඇති බව සෞඛ්‍ය සේවකයන්ගේ අදහසයි. සාමාන්‍ය ජනතාව අතර වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම පසෙක තබා ආයෝජන කලාපයේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම ආයෝජන කලාපයේ කම්හල් හිමි ව්‍යාපාරික සමාගම්වල ප්‍රමුඛතාව වූ අතර ආණ්ඩුව සළකා බැලුවේද ආයෝජන කලාපය පවත්විගෙන යමින් නිෂ්පාදන පවත්වාගෙන යාම හා ව්‍යාපාරිකයන් ලාභ ඉපදවීම සුරක්ෂිත කිරීම මිස සේවක පිරිස් හා අවට ප්‍රෙද්ශවාසීන්ගේ සෞඛ්‍යාරක්ෂාව නොවන බව මෙයින් නැවත සනාථ වී ඇත.