தமிழ்
English
Contact
Thursday 21st March 2019    
වෛද්‍යවරු නොමැතිව පුත්තලම රෝහලේ දැඩි සත්කාර ඒකකයත් වසා දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍යවරු නොමැතිව පුත්තලම රෝහලේ දැඩි සත්කාර ඒකකයත් වසා දමයි



පුත්තලම රෝහලේ දැඩි සත්කාර ඒකකය සඳහා අවශ්‍ය නිර්වින්දන වෛද්‍යවරු නොමැතිකමින් මෙම ඒකකය වසා දමා ඇති බව වාර්තා වේ.

මේ නිසා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලැබිය යුතු රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කිරීම තුලින් එම රෝගීන් දැඩි අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුව තිබේ.

මෙම ඒකකය අවම වශයෙන් පවත්වාගෙන යාමට නම් නිර්වින්දන වෛද්‍යවරුන් 04 දෙනකු සේවය අවශ්‍යය බව වාර්ථා විය.

රාගම රෝහලේ සහ බලංගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකය අක්‍රියවී මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ වනතුරු විසඳුමක් ලැබී නොමැත. වෛද්‍යවරු නොමැතිකම යන්ත්‍ර සූත්‍ර අඩපණ වීම් හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ඒකක වසා දැමීමේ අවස්ථා බහලුව වාර්තා වේ. ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රමාණවත් මානව සම්පතක් තිබුනද එය නිසි පරිදි කළමනාකරණ නොකිරීම සහ ප්‍රතිපාදන වෙන් නොකිරීම ඒ සඳහා බලපා ඇති ප්‍රධානම හේතු වී තිබේ.