Posted on 01.14.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානම පිළිබඳ නොසැළකිළිමත්ව කටයුතු කර ඇති බව Lankacnews වෙබ් අඩවිය වාර්තා කරයි.
වෛද්‍ය පාදෙනියගේ නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීමත් සමග මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පාදෙනියගේ නිවසට පැමිණ නිරෝධායන කටයුතුවලට සූදානම් වුවද ඔහුගේ නිවසේ පිවිසුම් ගේට්ටු අගුලු ලා විදුලිය නිවා දමා ඇති බව වෙබ් අඩවිය අනාවරණය කරයි.
අනුරුද්ධ පාදෙණිය, ජනවාරි 8 වැනිදා පැවති සිය පවුලේ ප්‍රිය සාදයකට සමීප හිතවතුන්ගේ පවුල් 3ක සාමාජිකයන්ද තවත් හිතවතුන් විසි දෙනකු පමණද කැඳවාගෙන තිබේ. මෙම සම්භාෂණයට සහභාගි වූ අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසුව ප්‍රියසම්භාෂණයට සහභාගි වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස සෞඛ්‍ය බලධාරින් විසින් එකී අවස්ථාවට පැමිණි පුද්ගලයන්ගේ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් දී ඇත. කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයා මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බව ප්‍රකාශකරන Lankacnews වෙබ් අඩවිය වෛද්‍ය පාදෙනිය විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට බාධා කරමින් නිරෝධායන නීතිය උළ්ලංඝනයකර ඇති බව අනාවරණය කරයි.
කෙසේවෙතත් අද දිනද කැලණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය පාදෙනියගේ නිවසට මහජන පරික්ෂකවරුන් යාමට නියමිතව තිබිණි.