தமிழ்
English
Contact
Thursday 5th December 2019    
වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය විසඳන්නට අධිකරණයට නොහැකිය - අ.වි.ශි.බ.ම. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය විසඳන්නට අධිකරණයට නොහැකිය – අ.වි.ශි.බ.ම.



වෛද්‍ය විද්‍යාවේ විෂය ප්‍රවීණතාවයෙන් මෙන්ම වෘත්තීය නිපුණතාවෙන් යුතු වෛද්‍යවරුන්ට මිස, නීති ක්‍ෂේත‍්‍රය පිළිබඳ ප‍්‍රවීණත්වයක් ඇති අධිකරණයට වෛද්‍ය වෘත්තියේ ගුණාත්මකභාවය පිළිබඳව තීන්දු තීරණ ගත නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළි නොගත් විදේශීය අධ්‍යාපන ආයතනවල ප්‍රමිතියෙන් අසමාන වෛද්‍ය උපාධිධාරින්ට ERPM විභාගය සමත් නම් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචිය දෙන ලෙස වෛද්‍ය සභාව වෙත අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. මේ සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය විසින් නිකුත්කර ඇති මාධය නිවේදනයක් මගින් විරෝධය දක්වා ඇත. එම නිවේදනය පහත පළ වේ.

වෛද්‍ය සභාවට නිකුත් කළ අධිකරණ නියෝග හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමේ කුමන්ත‍්‍රණය පිළිබඳවයි.
වෛද්‍ය සභාව විසින් සලකා බැලෙන අවම ප‍්‍රමිතීන් සම්පූර්ණ නොකොට, වෛද්‍ය සභාවේ අනුමැතිය නොලද විදෙස් විශ්වවිද්‍යාලවල උපාධි ලබා, ERPM විභාගයට පෙනී සිට සමත් වූ සිසුන් පිරිසකට අනමුැතිය ලබා දෙන මෙන් වෛද්‍ය සභාව වෙත අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. වෛද්‍ය සභාව විසින් එම සිසුන්ට අනුමැතිය ලබා නොදීමට කටයුතු කළේ වෛද්‍ය වෘත්තියේ ගුණාත්මකභාවය පිළිබඳ වගකිව යුතු මෙන්ම වගකිව හැකි ආයතනය ලෙසය. විෂය ප‍්‍රවීණතාවෙන් හා වෘත්තීය නිපුණතාවෙන් යුතු වෛද්‍යවරුන්ට මිස, නිති ක්‍ෂේත‍්‍රය පිළිබඳ ප‍්‍රවීණයන්ගෙන් යුතු අධිකරණ ක්‍ෂේත‍්‍රයට වෛද්‍ය වෘත්තියේ ගුණාත්මකභාවය පිළිබඳව තීන්දු තීරණ ගත නොහැක.
මාලඹේ සයිටම් ආයතනය විසින් නිකුත් කළ වෛද්‍ය උපාධියට වෛද්‍ය සභාවේ පිළිගැනීම ලබා දෙන ලෙස මින් පෙර ද අධිකරණ නියෝග නිකුත් කෙරිණි. නමුත් එය නොසලකා වෛද්‍ය සභාව මගින් සලකා බලන අවම ප‍්‍රමිතීන්වත් සම්පූර්ණ නොකොට හුදු ලාභ ඉපයීමේ අවශ්‍යතාව මත පමණක් පදනම් ව නිකුත් කළ ‘සයිටම් උපාධිය’ට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා නොදීමට ගනු ලැබූ තීරණය ඉතා ම නිවැරදි බව අද සමාජයක් ඉදිරියේ ඔප්පු වී හමාර ය. සයිටම් උපාධියට වෛද්‍ය සභාවේ අනමුැතිය දෙන ලෙස අධිකරණ නෙියා්ග නකිුත් වූයේ පෞද්ගලික අධ්‍යාපන ආයතන නීතිගත කිරීමේ පියවරක් ලෙසය.
අධ්‍යාපනය පෞද්ගලීකරණය සඳහා කලින් කලට ගෙන ආ විවිධ නියමු ව්‍යාපෘති පරාජය කරමින් ශිෂ්‍ය ව්‍යාපාරය ප‍්‍රමුඛ ප‍්‍රගතිශීලී ජනතා බලවේග විසින් සිදු කරන අනවරත අරගලයක් අඩසියවසකට ආසන්න කාලයක් පුරා මෙරට තුළ ක‍්‍රියාත්මක වෙයි. ඒ නිසා පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා නීතිමය පිළිගැනීමක් ලබාදීම පාලකයන්ට තවමත් කළ නොහැකි වී ඇත. ඒ අනුව දැනට උපාධි පිරිනමන සියලූ පෞද්ගලික ආයතන ලියාපදිංචි වී ඇත්තේ සමාගම් පනත යටතේ වන අතර ඒවා එකක්වත් උසස් අධ්‍යාපන ආයතන නොවේ.
පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ අරමුණ වන්නේ හුදු ලාභ ඉපයීම පමණක් ම වන අතර සමාජය පිළිබඳ වගකීමක් ඒවාට නැත. සයිටම් ආයතනය එයට කදිම නිදර්ශනයකි. එහෙයින් වෛද්‍යවරුන් ලෙස මෙරට කටයුතු කිරීමට නම් වෛද්‍ය සභාවේ අනුමැතිය අත්‍යවශ්‍ය වන බවට 1927 වෛද්‍ය ආඥා පනතෙන් සපයා ඇති නීති ප‍්‍රතිපාදන හැම විටම පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තියට බාධාකාරී වෙයි. ඒ වෛද්‍ය සභාව ඇතුළු මෙරට ක‍්‍රියාත්මක වන වෘත්තීය සභාවන්ට යම් සාපේක්ෂ ස්වාධීනතාවක් හිමිවී ඇති නසිාය. 2012 වසරේ එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් වෛද්‍ය ආඥා පනතට සංශෝධනයක් ගෙනවිත් “වෛද්‍ය සභාවේ අනුමැතිය අත්‍යවශ්‍ය වේ” (SHALL) යන්න වෙනස් කොට “සලකා බැලිය හැක”(MAY) යනුවෙන් යොදන්නට උත්සාහ කළේ ද වෛද්‍ය වෘත්තියට පිවිසෙනන්න් පිළිබඳ වෛද්‍ය සභාවට ඇති වගකීම අදාළ නොවන්නක් බවට පත් කිරීමටය. 2012 වසරේ ම ගෙන ආ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත තුළ ද වෛද්‍ය සභාව ඇතුළු වෘත්තීය සභාවන් ඉක්මවා යන බලයක් සහති වෙනත්
ව්‍යුහයක් ගොඩනැගීමට නීති ප‍්‍රතිපාදන සකසා තිබුණි. 2018 වසරේ ගෙන ආ ‘කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත’ මගින් මිලිටරි ව්‍යුහයකට බලය පවරමින් වෛද්‍ය සභාව ඇතුළු වෘත්තීය සභාවන් ඉක්ම වූ ආයතනයක් ගොඩනැගීමට උත්සාහ දරණ ලදී. දේශපාලන අධිකාරියේ උවමනා එපාකම්වලට යටත් වෙමින් පෙර වෛද්‍ය සභාවේ හටිපු සභාපතිවරයෙකු විසින්ද වෛද්‍ය සභාව වැනි ආයතන විසුරුවා හැරිය යුතු බවට අදහස් දක්වන ලදී.
‘උසස් අධ්‍යාපන තත්ත්ව සහතික කිරීමේ සහ ප‍්‍රතීතන කොමිෂන් සභා පනත’ (QAAC) නමින් මේ මොහොතේ ගෙනැවිත් ඇති පෞද්ගලික විශ්වවිද්‍යාල පනතේ අරමුණ ද වෛද්‍ය සභාව, ඉංජිනේරු සභාව, හෙද සභාව,
වාස්තු විද්‍යා සභාව වැනි ඒ ඒ උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයනේග් ගුණාත්මකභාවය පිළිබඳ තීරක බලයක් ඇති වෘත්තීය සභාවන් ඉක්ම වූ සර්ව බලධාරී කොමිෂන් සභාවක් ගොඩනැගීමයි. එම කොමිෂන් සභාවට පත් කෙරෙන සාමාජිකයන් 13 දෙනාම දේශපාලන අධිකාරියේ කැමැත්ත මත පමණක් පත් කෙරෙන අතර වෘත්තීය නිපුණයන්ට, විෂය ප‍්‍රවීණයන්ට තවදුරටත් සිය වෘත්තිකයන් බිහි කරන උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඇති අයිතිය අදාළ නොවන ලෙස එහි නීති ප‍්‍රතිපාදන සකසා ඇත. පසුගිය සතියේ 1978/16 දරණ විශ්වවිද්‍යාල පනතට සංශෝධනයක් ගෙන ආවේ ද එම පෞද්ගලික විශව්විද්‍යාල පනත මගින් ඉදිරිපත් කර ඇති සර්ව බලධාරී කොමිෂන් සභාවට ගැලපෙන පරිදිය. එහෙයින්‍ මේ මොහොතේ පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබාදීමේ අරමුණින් වෛද්‍ය සභාව ඇතුළු වෘත්තීය සභාවන්ගේ ක‍්‍රියාකාරීත්වය අත්හිටුවීමේ දැවැන්ත කුමන්ත‍්‍රණයක් දියත් වෙමින් පවතියි. ඒ පිළිබඳව ඔබගේ අවධානය මෙයින් යොමු කිරීමට බලාපොරොත්තු වෙමු.
මේ මොහොතේ අධිකරණ නියෝග හරහා වෛද්‍ය සභාවට බලපෑම් කරන්නේ ද එම කුමන්ත්‍රණයේ ම කොටසක් ලෙසිනි. මෙරට අධිකරණ පද්ධතිය දේශපාලන අධිකාරියේ උවමනා එපාකම් අනුව ක‍්‍රියාත්මක වන්නක් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එහෙයින් මේ නිකුත්කර ඇති අධිකරණ නියෝගය හරහා බලාපොරොත්තු වන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතීන් පිළිබඳ, වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙන ආයතනවල ප‍්‍රමිතිය හා ගුණාත්මකභාවය පිළිබඳ වෛද්‍ය සභාවේ පවතින නිර්ණායක තවදුරටත් අදාළ නොවන උගුලකට වෛද්‍ය සභාව හසුකරගැනී යි. මෙම අධිකරණ නියෝග ප‍්‍රයෝගයට වෛද්‍ය සභාව හසුවුවහොත් අර්බුදයට යන්නේ වෛද්‍ය සභාව පමණක් නොවේ. ඉංජිනේරු සභාව, වාස්තු විද්‍යා සභාව, හෙද සභාව, මිණුම් සභාව වැනි වෙනත් වෘත්තීය සභාවන් වෙත ද මෙවන් බලපෑම් කිරීමට ඉන් ඉඩකඩ විවර වනු ඇත. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප ඉතිහාසයක් පුරා දිවි පරදුවට තබා ආරක්ෂා කරගත් නිදහස් අධ්‍යාපන අයිතිය පෞද්ගලික උපාධි කඩවල ලංසු තැබීමට ගෙනවිත් ඇති නව පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කරගැනීමට පවතින බාධා ඉන් ඉවත්වනු ඇත.
කෙසේ හෝ විනාශකාරී පෞද්ගලීකරණ ප‍්‍රතිපත්ති උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළ ක‍්‍රියාත්මක කරවීම මෙරට නවලිබරල් පාලකයන්ගේ උවමනාවයි. මෙවන් විවිධ ප‍්‍රයෝගයන් හරහා උත්සාහ කරන්නේ ඒ අකටයුත්ත සාර්ථක කරගැනමීටයි. එක් පසෙකින් ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහවි සටන් කරන බලවේග මර්දනය කරමින් අනෙක් පසින් පෞද්ගලීකරණ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේදී බාධාකාරී විය හැකි වෘත්තීය සභාවන් අක‍්‍රීය කිරීමටත් ආණ්ඩුව දරණ මේ කූඨ ප‍්‍රයත්නයන් අප පරාජය කළ යුතු ම ය. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප දැනටමත් ඒ සඳහා දැවැන්ත අරගලයකට අවතීර්ණ වී සිටින්නෙමු. එහෙයින් වෛද්‍ය සභාව වෙත නිකුත් කර ඇති මෙම අධිකරණ නෙියා්ග උගුල හරහා පෞද්ගලික විශව්විද්‍යාල නතීිගත කිරීමට දරණ උත්සාහයට ඔබ සංවිධානය විරෝධය ප‍්‍රකාශ කළ යුතු බව අපගේ හැගීමයි. ඒ පිළිබඳව සලකා බලන ලෙස මෙයින් ඉල්ලා සිටිමු.

මහිල් බණ්ඩාර දෙහිදෙණිය,

කැඳවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය