தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
වෛද්‍ය ෂාෆිට රැදවුම් නියෝග අවලංගුයි - 25 දක්වා රක්ෂිත බන්ධනාගාරයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය ෂාෆිට රැදවුම් නියෝග අවලංගුයි – 25 දක්වා රක්ෂිත බන්ධනාගාරයට



සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වදභාවයට පත් කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහබ්දීන්  ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අයථා ආකාරයට මුදල් ඉපයූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තු භාරයේ පසුවූ වෛද්‍යවරයාගේ රැඳවුම් නියෝග අත්හිටුවීමෙන් පසු අද (11) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වෛද්‍යවරයා  රඳවාගෙන තබා ගත්තද එම පනත යටතේ වරදක් සිදු කර ඇතැයි මේ වන තෙක් අනාවරණය වී නැති බව පැවසු අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව තමන්  වඳභාවයට පත් කළ බවට ඔහුට චෝදනා කළ මවුවරුන් 143 දෙනකු  ඒ සදහා අවශ්‍යවන විශේෂ පරීක්ෂණයට ලක් කිරීමට අවසර ලබා දෙන්නැයි රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්  ප්‍රකාශ කළේ සාෆිගේ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය කළ පරීක්ෂණයේ දී ඒවායේ වර්තමාන වටිනාකම ඉදිරිපත් කර නැතැයි ද, බැංකු දෙකක ගිනුම් ගැන පරීක්ෂණයක් නොකර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ඉවත් කර තිබෙන බවකි.

ඉදාරාපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවල බරපතලකම සැලකිල්ලට ගෙන ඔහු ජූලි  25 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.