தமிழ்
English
Contact
Friday 14th May 2021    
වෛද්‍ය සභා නිලවරණය සඳහා 19 තෙක් යළිත් වාරණයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය සභා නිලවරණය සඳහා 19 තෙක් යළිත් වාරණයක්!



වෛද්‍යවරුන් ඉදිරිපත් කළ විරෝධතා හේතුවෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වීම වළකාලමින් කොළඹ දිසා විඅධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්විය යුතු ක‍්‍රමවේදය පිළිබඳ සෞඛ්‍ය ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවට පනතේ සඳහන් කොට ඇති නමුත් සෞඛ්‍ය ඇමතිවරයා විසින් එම ක‍්‍රමවේදය මෙතෙක් ගැසට් නිවේදනයකින් ප‍්‍රසිද්ධියට පත් කොට නොමැත. මේ කරුණ දක්වමින් වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අතිරේක දිසා විනිසුරුවරයා ලබන 19 වැනිදා දක්වා වාරණ නියෝගයක් නිකුත් කළේය.

වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි සභිකයින් වගඋත්තරකරුවන් කරමිනි.