தமிழ்
English
Contact
Sunday 31st May 2020    
වෛද්‍ය සාෆිගේ නිවසේ සීසීටීවී කැමරා දර්ශන CIDයට බාර දෙන්න නියෝග | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය සාෆිගේ නිවසේ සීසීටීවී කැමරා දර්ශන CIDයට බාර දෙන්න නියෝග



වෛද්‍ය මෙහොමඩ් සාෆි ෂියාබ්දීන් සම්බන්ධ නඩුවේ විශේෂ නඩු භාණ්ඩයක්ව තිබූ ඔහුගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් ඇතුළත් දෘඩ තැටි කොටස ජනවාරි 20 දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් නියෝග කර තිබේ.

පසුගිය වසරේ මැයි 24 වන දින කුරුණෑගල මූලස්ථාන පොලීසිය වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නඩු භාණ්ඩයක් ලෙස වෛද්‍යවරයාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් සහිත කොටස කුරුණෑගල පොලීසිය බාරයට ගෙන නඩු භාණ්ඩයක් ලෙස නම් කර එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර තිබූ බවද, නමුත් පෙර සිටි නිලධාරියෙක් විසින් එය නැවත වෛද්‍යවරයාටම ලබා දීමේ සිදුවීම් මුල් කරගනිම්න් යළි ඒවා සිය බාරයට ලබා දෙන්නැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කුරුණෑගල පොලීසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමෙන් පසු සියලුම නඩු භාණ්ඩ සමග ලිපි ලේඛනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බාරයට ගෙන තිබූ බවද වාර්තා වේ.

වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙක් යටතේ නව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් පසුගියදා අධිකරණයට දැනුම් දී තිබුණි.