தமிழ்
English
Contact
Monday 10th December 2018    
වෛද්‍ය සැපයුම් වගකීම පැහැර හැර - ඖෂධ හිගය ගැන රාජිත කට අරියි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය සැපයුම් වගකීම පැහැර හැර – ඖෂධ හිගය ගැන රාජිත කට අරියි!



ඔක්තෝබර් 26 වැනිදා දක්වා සෞඛ්‍ය හා පෝෂණ ඇමති ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න, අරලියගහ මන්දිරයේදී මාධ්‍යෙව්දින් අමතමින්, ප්‍රධාන පෙළේ ඖෂධ 100ක හිඟයක් ඇතිව තිබෙන බවද ඒ අතුරින් ඖෂධ 60ක් ඉතාමත් අවශ්‍ය ඖෂධ බවද පවසයි.

සෞඛ්‍ය ඇමතිධුරයෙන් ඉවත්කර මාස එකහමාරකට පසුව ඔහු පවසන්නේ මේ වනවිට මහනුවර රෝහලේ පිළිකා ඖෂධ කිසිවක් නොමැති බවය. පිළිකා ඖෂධ ගන්නා විට රෝගීන්ගේ අඩු වෙන සුදු රුධිරාණු වැඩි කිරීමට ගන්නා ඖෂධයක් නැතිවීමේ තත්යක් ගැනද ඔහු පවසා ඇත. රෝගින්ගේ සිරුරේ විෂබීජවලට ප්‍රතිචාර දැක්වීමේ ශක්තිය සදහා ලබා දෙන මෙම ඖෂධ නැති වුවහොත් රෝගියා මිය යාමට පවා ඉඩ ඇති නිසා එවැනි ඖෂධ හිගවීම හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඔහුද වගකිව යුතු තත්වයකි. එසේම පශු වෛද්‍යවරු පවසන ආකාරයට ජලභීතිකාව සඳහා භාවිත කරන එන්නත් තොග පවා අවසන්ව ඇත.

මෙරට රාජ්‍ය රෝහල්වල ඖෂධ සැපයීම සිදු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය විසිනි. එම ඒකකයට ඖෂධ සැපයීමේ ටෙන්ඩර් ලබා ගෙන වාර්ෂිකව ඖෂධ තොග ගෙන්වන ක්‍රමවේද සකස් කරනු ලබයි. මෙම ක්‍රියාවලිය ඇමතිවරයාද සහභාගිවන ප්‍රසම්පාදන කමිටුව මගින් සිදුකළ යුතුව ිතිබේ. සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඔක්තෝබර් 26න් පසුව ඖෂධ හිගයක් ඇති බවට මාධ්‍ය හමු පවත්වන්නේ තමන් විසින් වසර අවසානය තෙක් රෝහල්වල ඖෂධ හිගයක් නැතිව සැපයීමට කටයුතු නොකළ වගකීමෙන් නිදහස් වන්නටය. ඔහු උත්සාහ කරන්නේ පසුගිය මාසය තුළ දේශපාලන අරාජිකත්වය සම්බන්ධයෙන් ජනාධිපතිට හා ඔහු පත්කළ සෞඛ්‍ය ඇමතිවරයාට චෝදනා කරමින් ඇග බේරාගැනීමටය. ඖෂධ සැපයුම් ජාවාරමට තමන් විසින්ම සමාගමක් අටවා එයින් රෝගින්ගේ මුදල් උපයා ගත් සෞඛ්‍ය ඇමතිවරයකු ලැජ්ජා නැති ප්‍රකාශ නිකුත් කළ පළමු අවස්ථාවද මෙය නොවේ.