Posted on 01.07.2021 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
අමෙරිකාවේ සෙනෙට් සභාව පිහිටි කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේදී සිද්ධියෙන් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමට අදාළවයි.
විරෝධතාකරුවන්ගේ ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ද තුවාල ලබා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පූර්ණ බලය හිමිකර ගැනීම සඳහා ජනාධිපති ධූරයට තේරී පත් වී සිටින ජෝ බයිඩ්න්ගේ ඩිමොක්රටික් පක්ෂයට හැකි විය.
ඉන් කුපිතවූ ට්‍රම්ප් හිතවාදීන් කැපිටල්හිල් ගොඩනැගිල්ල ආක්‍රමණය කර තිබූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොන්ල්ඩ් ට්‍රම්ප් පරායට වුවද රිපබ්ලිකන් පාක්ෂිකයින් එය පිළිනොගන්නා බව මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා තුළින් පෙනියමින් තිබේ.
ට්‍රම්ප් ඇතුළු පාර්ශව ගණනාවක් ඩිමොක්රටික් පාක්ෂික ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය වංචනික අන්දමින් ලබා ගත් බවට චෝදනා නැගුව ද මේ වනතුරුත් එවන් කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට සමත් ව නැත.