தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
වෝහාරික විගණන වාර්තාව සභාගත කරන ලෙස ජවිපෙන් කථානායකවරයාට ඉල්ලීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෝහාරික විගණන වාර්තාව සභාගත කරන ලෙස ජවිපෙන් කථානායකවරයාට ඉල්ලීමක්



මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ වෝහාරික විගණන වාර්තාව ඉකමණින් සභාගත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ කතානායක කරු ජයසූරියගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකරීමට නියමිත බව වාර්තා වේ.

මහ බැංකු බැඳුම්කර සිදුවීම ගැන දැනගැනීමට රාජ්‍ය මූල්‍ය පාලන බලය හිමි පාර්ලිමේන්තුවට අයිතියක් ඇතැයිද ඒ අනුව කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළේ යැයිද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිත් හඳුන්නෙත්ති පවසයි.

අදාළ වෝහාරික විගණන වාර්තා මෙම අවස්ථාවේ විවෘත නොකරන හැටියට නීතිපතිවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතත් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා කතානායකවරයා බැවින් පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලයට වගකීමට කරු ජයසූරිය බැඳී සිටින්නේ යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසා ඇත.