தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
ශක්තික සත්කුමාර වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශක්තික සත්කුමාර වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්



‘අර්ධ’ නම් කෙටි කථාවක් සමාජ ජාල මගින් පළ කිරීමෙන්ම ‘බුදු දහමට අගෞරවයක්වන පරිදි‘ කටයුතු කළ බවට බෞද්ධ භික්ෂුන්ගේ සංවිධානයක් විසින් කරන ලද චෝදනාවක් මත අත්තනෝමතික හා අයුක්තිසහගත ලෙස අත්අඩංගුවටගැනීම හා රඳවා තබාගැනීම මගින් සිය අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලේඛක ශක්තික සත්කුමාර වෙනුවෙන් ශ්‍රේශ්ඨාධිකරනයේ ගොනු කරනු ලැබිනි.

ලේඛකයාට චෝදනා ඉදිරිපත් කරමින් පොලීසිය විසින් පොල්ගහවෙල මහෙස්ත්‍රාත් උසාවියේ ගොනු කර ඇති නඩුව පසුගිය 23 වැනිදා තුන්වැනිවරටත් කැඳවීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය විසින් නඩුව මැයි 07 දක්වා කල් තබා චෝදනාවට ලක්ව සිටින ලේඛකයා එදින තෙක් බන්ධනාගාරයේ රැඳවීමට නියෝග කෙරිනි.

කෙටිකතාකරුවකු, කවියකු ලෙස දීර්ඝකාලයක් නිර්මාණ ක්ෂේත්‍රෙය් කටයුතු කරන ශක්තික, පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති, පොලිස්පති හා නීතිපතිවරයා, තම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් වගඋත්තර කරුවන් ලෙස නම්කර සිටී.

තමන් විසින් බිහිකළ සාහිත්‍යමය නිර්මාණයක් පිළිබද පදනම් විරහිත ආකාරයට චෝදනා නැගීමත් අත්තනෝමතික ලෙස තමන් අත්අඩංගුවට ගැනීම හා රඳවාගැනීම මගින් ඔහුගේ සිතීමේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුලු මූලික අයිතිවාසිකම් ගණනාවක් වගඋත්තරකරුවන් විසින් උල්ලංගනය කොට ඇති බව නීතිඥයෝ පෙන්වා දෙති.